Get Mystery Box with random crypto!

ඉන්නකොට මම ටවුමෙ තනියම බස් එකෙන් බහිනකොට ලංගම ටවුමෙ මැද ගිනි | The LIFE_Official™

ඉන්නකොට මම ටවුමෙ තනියම

බස් එකෙන් බහිනකොට ලංගම
ටවුමෙ මැද ගිනි කන දවාලක
දුටුවා නන් දෙස අත් වැළඳගෙන
යන අයුරු නෙක නෙක සර්ව ද්විජ

කියන සතියෙක කැටිව විස්තර
අතොර නැති මදහාස මැදිවුණ
නෙත් අගින් ඉඟි කරන කරදර
හිඳිමි බලමින් හොරෙන් රහසින

සතිය නම් දිග වැඩිලු හොඳටම
කියයි ඇය මුවගට රැවුම් ගෙන
සනසන්න ඔහු ගන්න වෑයම
බලා හිනැහෙමි උපහසින් මම

බස් එකක් එයි කොළඹ සිට දුර
බසියි මගියන් දෙපා නගමින
බලමි සිව්මසකින් නොදුටු රුව
නොමැත සඳ අහසෙහි අමාවක

දුල් බණ්ඩාර

@kathalokaya