Get Mystery Box with random crypto!

නොරිකෝට නොරිකෝ නුඹ වෙනුවෙන්ම මම මග බලමි... සං කියා කෑල්ලක් දා | The LIFE_Official™

නොරිකෝට

නොරිකෝ නුඹ වෙනුවෙන්ම
මම මග බලමි...
සං කියා කෑල්ලක් දාගන්න
බොහොම මහන්සියි මට
තවම චං නිසා මම
දොවොන්දරා නුඹට බොරු කළා
ඌ එවෙලෙට හිනැහුණා බොරුකළා හැංගුණා
උඹ බලන් උන්නා මළගිය කතා හංගන්
නුඹ පසට පොහොර එක්කළා
ඌ කතා විස්තර කළා
අපිව පාඨකයො විචාරකයො කළා
නොරිකො උඹ වැළලුණා මියගියා
දෙවොන්දරා මියගියා ඒත් නොමැරුණා
අමරණීය වුණා පෙරේදත් මට හමුවුණා
ඌ ඇන්ද චිත්‍රවල උඹ මතුවුණා
ඌ වැළපුණා උඹ ගැන කියා
මන් පෙළඹුණා ඒ සිතු විඳින්නයි කියා
අහගන්න ළඟට යද්දිම
උඹේ දෙවොන්දරා බසයක නැගලා ගියා
උඹේ ඌ තුළින් මට මගෙ එකා දිස්වුණා


දුල් බණ්ඩාර

@kathalokaya