Get Mystery Box with random crypto!

කූද්දන මතක පොත හූල්ලන මැදියමට ඇබිත්තක් උඹේ සුවඳ කදුළු බිදුවක | The LIFE_Official™

කූද්දන මතක පොත
හූල්ලන මැදියමට
ඇබිත්තක් උඹේ සුවඳ
කදුළු බිදුවක් සිඹිනවා
ඉතින් එතකොට
පෙර පුරුද්දට
මාව හෙමිහිට නිවෙනවා .....

මිලින වූ මල් නටු අගින් යළි
පිපෙන්නට රතු රෝස
යායක්
පපුවෙ පැත්තක තියනවා
ඉතින් එතකොට
උඹම අවිදින්
වසන්තය යළි ගේනෙනවා......

ඉස්සරම අපි අපිම
අමුණපු
හීන දම්වැල්
තාම එහෙමම තියනවා
ඉතින් එතකොට
ආයෙමත් උඹ
හීනයක තතු කියනවා.......

පාළු මූසල රෑක ඉඳහිට
අකීකරුවට
පපුව මැද්දේ නහර වැල්
සමහර රිදෙනවා
ඉතින් එතකොට
මතක මැද්දෙන්
හූල්ලන හඩ ඇහෙනවා.......

සනූ වික්‍රමසිංහ ....