Get Mystery Box with random crypto!

මේ අහස යට.. කොහේහරි තැනක.. ඔයත් ඇති.. සමහරවිට, අහස දිහා බලාගෙ | The LIFE_Official™

මේ අහස යට..
කොහේහරි තැනක.. ඔයත් ඇති..
සමහරවිට, අහස දිහා බලාගෙනම
වචනවලට පෙරලගන්න බැරි දේවල්
කදුළු වෙලා ඔහේ ගලාගෙනයද්දි,
ඔයත් කොහේහරි තැනක ඇති..
මං මගේ වෙනකන් බලාගෙන ඉන්න
ඔය ලස්සන ඇස්, තෙත් වෙලා නැතුව ඇති
ඒ ලස්සන හිනාව දැන් ඔය මූණෙ ඇදිලා ඇති
ඒ හිනාවට මමත් හේතුවක් වෙන දවසක් වෙනකන්..
බලාගෙන ඉන්න,
මට අයිතියක් නැතුවත් ඇති
සමහරදාට හද දිහා බලාගෙන,
ඔයත් කාවහරි හොයනව ඇති
කොයිතරම් දුරක ඉදන්වුණත්
අපි ළංවෙන දවසක් එනකල් බලන් ඉන්නෙ
මං විතරක්ම වෙන්න ඇති
ඒක හීනයක්ම විතරක් වෙන්නත් ඇති
ඒත් ඉදහිට හීනෙකදි හරි ඔයා එන එක මට හොදටෝම ඇති
ටිකක් බර වැඩිවුණත් මේ ආදරේ වෙන්නැති
ඔව් "ප්‍රේමය තිබුනේම තනිවුණු හිත්වල" ඒක ඇත්ත වෙන්නැති _I _

@kathalokaya