Get Mystery Box with random crypto!

දෙතොලතර සැතපෙන බියර් බිදු ඔබේ රැඩිකල් කෙහෙ දියඹ මත පාවෙන සැටි | The LIFE_Official™

දෙතොලතර සැතපෙන
බියර් බිදු
ඔබේ රැඩිකල් කෙහෙ දියඹ මත
පාවෙන සැටි
ඔහු උමතුවක්..........

එක හුස්මට
බියර් ටින් එක
වාශ්ප කරන විට
කැළැල් වියැකුණු
ගෙල මත
පොපියන
උගුරු දණ්ඩ
ඔහු උමතුවක්

පුටු ඇන්දේ හිස
තබා...........
කළු දා බිදු
පපුතූර දිග
ඉවුරු අතරින්
ගලා යන සැටි
ඔහු උමතුවක් ..........

දහවලට නිහඩ
රාත්‍රියට ගෝචර ඔබ
රුධිරය කකියන
මුවහත් පිහිතලය
පිරිමදින සැටි

ඔහු උමතුවක්...........
මගේ කැසිනෝ මල
ඔව් .........
ඔබ උමතුවක්
මගේ අඩවන් දෑස
සදා පියවන
මේ නිමේශය තුළත්...........

@kathalokaya