Get Mystery Box with random crypto!

වසන්ත ඍතුවේ දවසක සුපිපිණු රතු රෝස කුසුමක් නෙලා ගත්තා හරි පරිස | The LIFE_Official™

වසන්ත ඍතුවේ දවසක
සුපිපිණු රතු රෝස කුසුමක්
නෙලා ගත්තා හරි පරිස්සමට
තිබුණත් නටුව පුරාවට කටු
සිටියා තද කර දෑතින් ම අල්ලන්...
සිනිදු දෙඅත් වේදනා දුන්නත්,
රත් රුහිරු බිදු ගලා හැලුනත්,
නෙතු අගින් කදුලැලි වැගිරුනත්,
එක් මොහොතකටවත්
අත් නොහැරියෙමි කිසි ලෙසකින්...
නමුත් අවසානයේදී එහි
සුවද අඩු වූවා ටිකෙන් ටික,
සැලුණා පෙති එකින් එක,
පරවී යන්නට ගියා සදහටම...
එහෙත් මා තවමත්,
ඉතිරි වුණු රෝස මල් නටුව
තදින් අල්ලන් බලාගෙන සිටිමි
රිදුම් ගෙනෙනා දෑත් වලින් ම...
දනිමි එය යලි නො එන බව
නමුදු නිමාවක් නොමැත
තනි වුණු රතු රෝස මතකයට
අවසන් සුසුම් හෙලනා තුරාවට...
" රතු රෝස මල "
එයයි නොමියෙන ආදරයෙ අරුත

Dilna

@kathalokaya