Get Mystery Box with random crypto!

ක්‍රශ් එක උඹ නම් විටෙක සිනැස්සු තවත් විටෙක අඩවපු විටෙක සැනසු | The LIFE_Official™

ක්‍රශ් එක උඹ නම්

විටෙක සිනැස්සු
තවත් විටෙක අඩවපු
විටෙක සැනසු
තවත් විටෙක තරහ ගස්සපු
⁣විටෙක පරිස්සම් කරපු
තවත් විටෙක රැවූ
උඹ නම් මහ පුදුමයක් බන්....

උඹේ නම්බර් එක ගෙන
උඹට මැසේජ් එකක් දැම්මා
උපන්දිනේට සුබ පතන්න
ඒත් උඹ මාව දන්නේ නෑ කීවා
එදා උඹ එහෙම කීවම සත්තයි
මැරෙන්න හිතුනා පණ
ඇයි බන් එහෙනම්
මාව උඹ කොල්ලන්ගෙන් වගේම
හැම දේකින්ම පරිස්සම් කරේ ඇයි
මට මෙහෙම දුක් දෙන්නද...

එහෙම කරපු නුඹ
මාව නොදන්න ගානට මැසේජ් කරද්දි
මම මොනා කරන්නද
නුඹව කොහොම අමතක කරන්නද බන්
උඹ කොහොමද බන් මාව අමතක කරලා
ඉන්නේ මටත් කියපන්
මමත් ඒ විදියට උඹව
අමතක කරලා
සතුටින් ඉන්නම්
උඹට සතුටින් ඉන්න පුළුවන් නම්
ඇයි මට බැරි සතුටින් ඉන්න....

උඹට පිස්සෙක් වගේ ආදරේ
කරානේ බන්
ඒකයි උඹව අමතක කරන්න
බැරි
කමක් නෑ උඹේ මතක එක්ක
හැමදාම ජීවත් වෙන්නම්...

නමුත්.
එක් දවසක මා
දැන ගත්තා උඹ තවකෙකු⁣ගේ
අයිතිකාරයෙක් කියලා
සත්තයි පණ පපුව රිදුම් දුන්නා
උඹ කොහොමද බන්
එහෙම කරේ මට...

කමක් නෑ බන්
උඹේ සතුට ඒක නම්
මමත් උඹ දිහා බලන් සතුටු වෙන්නම්
කවදාවත් නෑ ඔයාලා අතරට
තුන්වැන්නෙක් වෙන්නේ...

එකම එක පාරක් මට නුඹව
බලා ගන්න ඇත්නම්
සත්තයි ආයේ කවදාවත් මම
නුඹව පතන්නේ නෑ...