Get Mystery Box with random crypto!

මනෝලෝකේ ... ගිලෙන්නෙමි මම රාත්‍රියේ හද පාරවන මතක ඇතුළට | The LIFE_Official™

මනෝලෝකේ ...

ගිලෙන්නෙමි
මම
රාත්‍රියේ
හද පාරවන
මතක ඇතුළට

ඇවිද යමි
අතීතය දිගේ
මිහිරිම තැන්
මතක් කරගෙන

මනෝලෝකෙක
කරක් ගහලා
නැවත එන්නෙමි
සැබෑ ලෝකෙට

යලිදු හෙට දින
ධම්සරගෙ
ආසම තනුවක්
අසාගෙන
නැවත යන්නෙමි
මනෝලෝකෙ ට........

Abhi Dissanayake

@kathalokaya