Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها

2022-08-29 19:46:37
අසම්මතය


අවුරුදු තුනක්
මන් ඔයාට ආදරේ කරා
ඔයා එයාට ආදරේ කරා
මගෙ නෙමෙ කියල දැන දැනම ඔයාට ලං උනා...
ඔව් ඔයා වැරදි නෑ
ඔයා බලෙන් මගෙ ආදරේ ගත්තෙ නෑනි
මමනි ආදරේ ඉල්ලුවෙ...
විහින් රිද්ද ගත්ත මමයි වැරදි....

සමාවෙයන් මැණික උබට ආදරේ කරාට...




#sassa

@kathalokaya
184 viewsKavi wijesundara, edited  16:46
باز کردن / نظر دهید
2022-08-29 13:58:46 හදවත සමාවෙන්න මට,
අගයක් නැති මිනිස්සුන්ට හොද කරල ඔයාව රිද්දුවට..

හදවත සමාවෙන්න මට
අනුන්ට දේවල් කරල නිහඩව දුක් විදින්න දුන්නට..


හදවත සමාවෙන්න මට
අනුන් කියපු දේවල් ඕනෑවටත් වඩා හිතට ගත්තට.


හදවත අයි ඈම් වෙරි සොරි
වේදනාවට ඔහේ හදවත රිදෙනකල් ඇඩුවට....


හදවත සමාවෙන්න මට
මං ඔයාට ගොඩාක් දුක් දුන්නට....

අනුන්ගෙ දුක් මගේ කරගෙන අවසානෙට ඔයාව රිදෙව්වට..
මට සමාවෙන්න හදවත...ගොඩාක් සමාවෙන්න..

කේශි

@kathalokaya
225 viewsKavi wijesundara, 10:58
باز کردن / نظر دهید
2022-08-29 13:58:17
සුදු ගව්මේ රැලි ඔහේ දුවනවා
මතක පිරුණු පාසැල් පාරේ
දෑතේ වෙලිලා පෙම්බස් දෙඩවූ
එක කුඩයක් යට ගිය කාලේ..

පරණ බස්රියේ මලකඩ අසුනක
සවනත මිමිණූ පෙම් ගීයේ
විසිරුණු රටකජු මට තව මතකයි
කුලුදුල් හාදුව දුන්නු වෙලේ

පුරුදු මාවතක සුපුරුදු අසුනක
ඔබ පමණයි මා ළග නැත්තේ
නිමවූ කතාවෙ සුන්දර මතකය
අප ගොඩවූ මේ රිය දන්නේ..


කේශි.

@kathalokaya
214 viewsKavi wijesundara, edited  10:58
باز کردن / نظر دهید
2022-08-28 08:55:24 කතාලෝකය සාහිත්‍ය මාසයේ #Talenters තරගාවලිය

Talenters 2022 තරගය පිළිබදව සියලුම විස්තර මෙහි අන්තර්ගතය-

පවත්වන තරග -

කෙටිකතා තරගාවලිය
නිසදැස් තරගාවලිය
චිත්‍ර තරගාවලිය


කෙටිකතා තරගාවලිය-

ඔබේ නිර්මාණය එවන විට ඊට ඉහළින් ඔබේ සම්පූර්ණ නම එවීම අනිවාර්යය බව සලකන්න.
ඔබේම අදහසින් ලියන ලද ඔබේම ස්වයං නිර්මාණයක් විය යුතුය.
මෙම තරගය සදහා ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය.
ඔබ ලියන කෙටිකතාව සදහා කිසිම මාතෘකාවක් නැත.ඕනීම මාතෘකාවක් යටතේ ලියා එවිය හැක.
ඔබේ කතාව අනිවාරෙන්ම Telegra.ph කර යුතුය.
ඔබේ කතාව අගෝස්තු 28 සිට සැප්තැම්බර් 14 දක්වා @kathalokaya_bot වෙතට එවා තැබිය හැක.ඉන් අනතුරුව ලබාදෙන කිසිම කෙටිකතාවක් භාර නොගනී.
1,2,3 ස්ථාන සදහා පිළිවෙළින් රු.600,500,400 බැගින් reload කරනු ලැබේ.


නිසදැස් තරගාවලිය-

ඔබේ නිර්මාණය එවන විට ඊට පහළින් ඔබේ සම්පූර්ණ නම එවීම අනිවාර්යය බව සලකන්න.
ඔබේම අදහසින් ලියන ලද ඔබේම ස්වයං නිර්මාණයක් විය යුතුය.
මෙම තරගය සදහා ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය.
ඔබ ලියන නිසදැස සදහා කිසිම මාතෘකාවක් නැත.ඕනීම මාතෘකාවක් යටතේ ලියා එවිය හැක.
ඔබේ නිසදැස අගෝස්තු 28 සිට සැප්තැම්බර් 14 දක්වා @kathalokaya_bot වෙතට එවා තැබිය හැක.ඉන් අනතුරුව ලබාදෙන කිසිම නිර්මාණයක් භාර නොගනී.
1,2,3 ස්ථාන ජයග්‍රාහකයින්ගේ ඕනෑම නිසදැසක් ඔක්තෝම්බර් මාසය පුරාම අපගේ කතාලෝකය චැනලයේ පලකරදෙනු ලැබේ.


චිත්‍ර තරගාවලිය-

ඔබේ චිත්‍රය එවන විට එහි පහළින් ඔබේ අත්සන තිබීම අනිවාර්යය බව සලකන්න.
මෙම තරගය සදහා ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය.
ඔබ අදින චිත්‍රය සදහා කිසිම මාතෘකාවක් නැත.ඕනීම මාතෘකාවක් යටතේ ලියා එවිය හැක.
ඔබේ චිත්‍රය අගෝස්තු 28 සිට සැප්තැම්බර් 14 දක්වා @kathalokaya_bot වෙතට එවා තැබිය හැක.ඉන් අනතුරුව ලබාදෙන කිසිම නිර්මාණයක් භාර නොගනී.
1,2,3 ස්ථාන ජයග්‍රාහකයින්ගේ ඕනෑම චිත්‍රයක් ඔක්තෝම්බර් මාසය පුරාම අපගේ කතාලෝකය චැනලයේ පලකරදෙනු ලැබේ.



සැප්තැම්බර් 16 වන විට සියළුම නිර්මාණ චැනලයේ පලවන අතර ඒවාට vote කිරීමට එතැන් සිට සැප්තැම්බර් 22 තෙක් අවස්ථාව ලබාදී සැප්තැම්බර් 25 වන විට සියළුම ප්‍රතිඵල ලබාදී අවසන් කරනු ලැබේ


2022 කතාලෝකය
#Talenters තරගාවලියේ TALENTER කෙනෙක් වීමට ඔබටත් සුභපැතුම්.


#sharethiswithyourfriends


ප්‍රශ්න ඇත්නම් මෙහි කමෙන්ටුවක් දමන්න

@kathalokaya
132 views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 05:55
باز کردن / نظر دهید
2022-08-28 08:44:53
මතක රිද්දනවා කෝමත්
ඔයා බර වැඩී මේ හිතට මේමත්
ළගම උන්නු දවසක ඒමත්
හිත ගැහුනා මීට වඩා වේගෙන් බෝමත්........

හිතක හිස් තැන් උගුල්ලා දාන්න
ඒ තැනෙත් තරුවකට ඉඩක් ඇති බලන්න
වරුවකට ගිමන්හැර නැවතිලා හිදින්න
මහ දවල් තරුකඩන් වැටෙනවා බලන්න .......

ආදරේ කොච්චරක් උනත් හැකි දරන්න
පපුවටම ගුලිවෙයන් තවටිකක් දැනෙන්න
හෙටක් විශ්වාස නෑ එපා රැය ගෙවෙන්න
ඇහැකිනම් තවවරක් දෙතොල් මගෙ තෙමන්න.....
එතකොට ,
හැකී මට කල්පයක් නිවෙන්න......
දවසකදි ගිලිහුනත් ආදරෙන් මියෙන්න......

සනූ වික්‍රමසිංහ .....
@kathalokaya
232 viewsKavi wijesundara, edited  05:44
باز کردن / نظر دهید
2022-08-27 16:41:22
Made by kavi

@kathalokaya
264 viewsKavi wijesundara, edited  13:41
باز کردن / نظر دهید
2022-08-27 13:49:30
හීන අහුරු...

හැමදාම මම දකින්න ආස වුන මගේම කියලා හීනයක්...
හම්ම් ඔව් එයාගෙයි මගෙයි කියලා ලස්සන ලෝකයක්...
හැබෑ වෙයි කියලා ප්‍රාර්ථනා කරපු මහ පැතුම් කෝටියක්...
හම්ම් එයාටයි මටයි කියලා වෙන් කරපු අපේම ජීවිතයක්...


පුංචි පුතු පැටියෙක් ඊට පස්සෙ දූ පැටික්කියෙක් ඒක මගේම හීනයක්...
නුඹත් හවුල් වුණා පාට පාටින් පාට කරන්න අපේම ආදර පුරයක්...
මාල හතකින් ගෙල සරසන් ඔසරියක් අදින්න පෙරුම් පුරපු කාලයක්...
නිලමෙ ඇදුමට වවපු රැවුලට නුඹව දකින්න ආස කරපු ප්‍රේමියක්...


හරි අපූරුවට අපි අපිටම මවපු අපේම කියලා හීන ගංගාවක්...
නොගැලපෙන දේවල් එක්ක වුනත් එකට දැකපු හීනයක්...
අහසෙ තරු ගානට නුඹත් මමත් දැකපු හීන හැම එකක්...
හැබෑ වේවිද දන්නෙ දෛවය නුඹමයි නුඹ නම් මහ සරදමක්...





... SJ *


@kathalokaya
242 viewsKavi wijesundara, edited  10:49
باز کردن / نظر دهید
2022-08-27 13:46:51
• පිරිමින්ට අඬන්න බැරිද?

~බෑ

•ඇයි බැරි?

~අපෝ ලැජ්ජයිනෙ

•මොකටද ලැජ්ජා වෙන්නෙ?

~ මොකද ඒක පිරිමියෙක්ගෙ ආත්ම ගරුත්වෙට හරි නෑ

•එතකොට පිරිමින්ට හිතක් නැද්ද?

දුක, වේදනාව දැනෙන්නෙ නැද්ද?

ඇයි බැරි පිරිමියෙක්ට අඬන්න

පිරිමියෙක්ගෙ ආත්ම ගරුත්වය තියෙන්නෙ කඳුලකද?

තමන්ට දුකක් දැනුනු හැම වෙලාවෙම අඬන්න අයිතිය තියෙන්නේ ගෑණුන්ට විතරමද

තමන්ගෙ ජීවිතේ අහිමිවීමකදි, හිත් රිදීමකදි පිරිමියෙක්ට තමන්ගෙ දුක පිට කරන්න අඬන්න බැරිද

පිටින් රළු චරිතයක්, වෙලාවකට විහිළු චරිතයක්, දඩබ්බර චරිතයක් මවපු හැම පිරිමියෙක් ඇතුලෙම ඉන්නවා සංවේදී හදවතක් තියෙන මනුස්සයෙක්

ගොඩක් වෙලාවට ඒ සංවේදීකම දිගහැරෙන්නේ තමන්ගෙ ජීවිතේ වටිනම අය ඉදිරියේ විතරයි.

# පුරුදු වෙන්න ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝටම සවන් දෙන්න.

# හැම කෙනෙක්ගෙම කඳුළුවලට වටිනාකමක් දෙන්න.

# හැම මනුස්සයෙකුගෙම සංවේදීකමට අරුතක් දෙන්න.

නැත්තම් ඒ පිරිමි කඳුළුවලට හිනාවුනු සමාජයම දවසක ගොඩනගාවි
මානසික රෝගීයෙක් නැතිනම් තිරිසනෙකුටත් අන්ත මනුෂ්‍ය ආත්මයක්

S

(මේ ලෝකේ ඉන්න කඳුළු හංගගෙන හිනාවෙන හැම පිරිමියෙක් ම වෙනුවෙන්)

@kathalokaya
211 viewsKavi wijesundara, edited  10:46
باز کردن / نظر دهید
2022-08-27 13:46:09


කියන්නට යමක්
නුඹේ ප්‍රේමය ගැන
නොසිතේ මට...
මං ද නුඹට පෙම් කළේ
මා පමණක් බව දන්නා නිසා...
ඉතින්, තනි වී නිහඬ වෙන්නම්..
ප්‍රේමය හදෙහි මිහිදන් කර...


උමී...


@kathalokaya
182 viewsKavi wijesundara, edited  10:46
باز کردن / نظر دهید
2022-08-27 13:45:23
මුවට මුව ළං කර
කෙඳිරූ වදන් ගොළු කර

නෙතට නෙත යා කර
කියවූ හැඟුම් යටකර

හිතට හිත ළං කර
මැව් හීන අද බොඳ කර

අතට අත මැදි කර
දුන් පොරොන්දුව මඟහැර

නොකියා යන්න තනිකර
කෙසේ සිතුනිද පෙම්බර

Ishara

@kathalokaya
177 viewsKavi wijesundara, edited  10:45
باز کردن / نظر دهید