Get Mystery Box with random crypto!

සොඳුර, මාගෙ මේ දෑතින් කෙසේ නම් එය කරනුද? කෙසේ ඔබගේ සුසුම් නිම | The LIFE_Official™

සොඳුර,
මාගෙ මේ දෑතින්
කෙසේ නම් එය කරනුද?
කෙසේ ඔබගේ සුසුම් නිමා කරනුද?
ඔබගේ සිනහ,
ඔබගේ ඉරියව්,
මා මුසපත් කල ඒ ප්‍රේමය
මා කෙසේ අළු කර දමන්නද

මා හට ඔබ ඝාතනයට නියම වී ඇති
මේ නිමේෂයෙත්
ඔබගේ මුවගේ හසරැල්
මා හට පවසන්නෙ
"මා ඔබට සදා ප්‍රේම කරනු ඇත"
යන්නයි
ඉතින් සොඳුර ඔබගෙන් නික්ම යාමට
අවසර දෙනු මැනව

вℓα¢к ραитнєя

@kathalokaya