Get Mystery Box with random crypto!

ඇයි අපිට රෝස මල් ? වැලන්ටයින් දවසට තෑගි කළ රෝස මල් බොහොමයක් ප | The LIFE_Official™

ඇයි අපිට රෝස මල් ?

වැලන්ටයින් දවසට තෑගි කළ රෝස මල්
බොහොමයක් පරවෙලා විසිරිලා ගියා
කුණුගොඩට ආදරේ රතු පාට සපයලා
වෛරයේ මල්පොකුරු අලුතින්ම පැළකළා


ආදරේ වචනයට නිර්වචන සපයන්න
තවත් දින ගණනක්ම සීරුවට සරසලා
මැරෙනතුරු නොමරන්න දිවුරාපු සුදුනූල්
හෙමි හෙමින් පුච්චලා අලුවෙලා ගියා


රෝසමල් නොතියාපු සුදු නූල් නොගෙනාපු
හිස් දෑත් දුප්පතුන් පොහොසතුන් කළා
උඩුගුවන් තලය මත විසිරිලා හමායන
සුළඟිනුත් ආදරේ සුවඳ පැතිරී ගියා


රෝස මලකින් හැකිද ආදරේ මැනගන්න
හුඟ දෙනෙක් නොහිතාපු ප්‍රශ්න මතුවෙලා
ආදරේ රතු පාට ඇයි කියලා නොදැනගෙන
ලේවලින් ආදරේ සටහනක් කළා


ආදරේ පිරිසිදුයි හදවතින් පුදනවයි
කතාවෙන් කියව්වත් වචන ගලපා දමා
පිවිතුරුම ආදරේ පාට සුදු පාටමයි
ඇයි අපිට රෝස මල් රතු පාට කළඹලා


දුල් බණ්ඩාර

@kathalokaya