Get Mystery Box with random crypto!

ඒක පුස්තකාලයක්...... උසම උස රාක්ක පුස් බැදුණු පොත්... පරණ පොත් | The LIFE_Official™

ඒක පුස්තකාලයක්......
උසම උස රාක්ක
පුස් බැදුණු පොත්...
පරණ පොත් වල සුවද...
නහය සූරන් මොලෙ ඇතුළටම යද්දින්
අලුතින් ආව පොත් වල තීන්ත සුවද පරණ පොත් වලට සරදමට හිනා වුනෙ
දවසකට කලින් ඔයා මට හිනාඋනු විදියටමයි කියලා මට හිතුනෙ
කියවලා ඉවර කරලා තිබුණත් අමතක කරන්න බැරි ලස්සන සමහර පිටු ඒ කතාව ඇතුළෙ තිබුණයි කියන එක දියසලකුණකටත් වඩා හොදට මගේ හිත ඇතුලෙ තිබුණු නිසා වෙන්න ඇති.....

සමහර පොත් රාක්ක ඇතුලෙම හැංගිලා හිටියෙ කවමදාවත් අලුත් හුස්මක් එක්ක ජීවතෙ පටන් ගන්න ඕනී නෑ වගෙ...
මොන එකකටද මන්දා මේවා දැක්කම මටත් හිතෙන්නේ ...
ඒ කතාව මටම ලියලයි කියලා...
තීන්ත සුවද ආභරණයක් කරන් දගලන අලුත් පොත් මට මතක් කරන්නෙම ඊයේ හැන්දෑවේ ඔයාගෙ අතේ එල්ලිලා ගිය සුරංගනාවීව....

අලුත් පොත් මගැරලා යන්න ගියා උනත් ආයෙම මාව නතර උනෙ කලබල දුඹුරු ඇස් මට මුණුගැහුනු තැන....
සාහිත්‍ය පොත් විතරක්ම පිරුණු රාක්කෙක
බෝතල් අඩි ලොකු කණ්ණාඩි දෙකක් එක්ක
දූවිලි නාගෙන හිටිය ඔයා....

ලස්සනයි...ඔව් හුගක් ...ඒ රාක්කෙ ඉස්සරහම මම ආයෙම ඒ සිදුවීම හිතෙන් ඇන්දා...... .
හ්ම්ම්...හිනා රැල්ලක්...මූණෙ මටත් නොදැනීම...
දූවිලි වලින් පිරුණු වීදුරු ජනේලෙන් මම මාවම දැක්කා...කාලෙකට කලින් එතන තව කෙනෙක් උන්නා..මට පිටිපස්සෙන්...ලොකු කණ්ණාඩි දෙක....
ඒ ඔයා......

පුස්තකාලය....අපූරු මතක ගොඩක් මට ඉතිරි කරපු එකම තැන....
ප්‍රේමණියම අහස අනිත් අයට නුවර අහස වෙද්දින්...
මට ප්‍රේමණීය වුනෙ පුස්තකාලෙ.....
සාම්ප්‍රදායික අහසක් යට නොවුණු හින්දද දුඹුරු ඇස් ඔයත් පුස්තකාලෙන් එලියට බැහැලා ජීවීතෙ විදින්න ගත්තෙ......
ම්......
මම නැතුවම.....

Silly_girl03

@kathalokaya