Get Mystery Box with random crypto!

'කිඳුරු පෙම... ' හදවත... : සුදු පිච්ච මල් සුවඳ න | The LIFE_Official™

"කිඳුරු පෙම... "

හදවත... :

සුදු පිච්ච මල් සුවඳ
නාස්පුඩු මත්තේ...
තැවරෙද්දි රහ දුන්න
විහඟ නද මැද්දේ...
සියුමැලිව ගලන් ගිය
දිය දහර අස්සේ...
කිඳුරියකදෝ නෙතට
ඉඟි එවනු දැක්කේ...


මොළය... :

දිය ගැටුනු
තැන හුස්ම
ගිලගන්න හින්දා...

ලතැවුනෙමි
පිහිනන්න
නොම දන්න හින්දා...

කිඳුරු පෙම
උරුමයත්
මට නොවෙන හින්දා...

හිත අරන්
යමි නැවත
මට අවැසි හින්දා...

#The_Shan_DK

@kathalokaya