Get Mystery Box with random crypto!

ඔබේ උණුසුම ඔබේ ආදරය ඕන මට ඔබව ඉල්ලා හිතින් ඇඬුවත් මවට හොර | The LIFE_Official™

ඔබේ උණුසුම ඔබේ ආදරය ඕන මට
ඔබව ඉල්ලා හිතින් ඇඬුවත්
මවට හොරා මා ඉකි බිඳිමි හයියෙන්
බැහැ මට හයියෙන් හඬන්නට
ඇයත් හඬමින් සිටින හන්දා

ඔව් මට බෑ පෙන්වන්න තාත්තෙ ඔයා නැතුව මං ඉන්න පාලුව... දරා ගන්න බෑ හිතේ තියෙන දුක... මං කාටද කියන්නේ තාත්තේ... අඬන්න බෑ අම්මට දුක හිතෙන හන්දා... මට නොපෙන්වා ඇයත් හූල්ලනවා... ඉතින් මං ඇඬුවොත් ඇය නම් කොහොම දරා ගන්නද... ඇය විදින දුක මා දකිමි එහෙයින් බැහැ දුකක් පෙන්වන්නට... සොයුරෙක් හෝ හිටියනම් මට ටිකක් හෝ හදාගන්නට තිබුනා හිත... එහෙමවත් නොලද මා හිතේ දුක හිර කරන් ඉන්නේ කෙසේද මටවත් තේරෙන්නෙ නෑ නෙව හිතුනා බොහෝ දවසට ඔබ ළඟට එන්නට ඒත් මං කොහොමද එන්නේ මං දැන් ගොඩක් උසයි ලොකුයි ආසයි නුඹේ උණුසුම විඳිනට තවම... ආසයි යාලුවො වගේ තාත්තා එක්ක පංති යන්න මේ මගේ තාත්තා කියලා කියන්න.... යාලුවො තාත්තාල ගැන කියනකොට තාත්තල ගැන සිංදු ඇහෙනකොට දරා ගන්න බෑ එන වේදනාව... ඒ වෙලාවට ඒ තැන මග ඇරලා ගිහින් අඬනවා ඇති වෙන්න හැමෝම කියනවා මට ඇරපු අතක් නෑ දූ තාත්තා වගේමලු අනේ ඉතින් මට තාත්තව මතකවත් නෑ නේ ෆොටෝ එකක් බලල මවා ගත්ත රූපයක් විතරයි නේ...

ඔබේ සොහොන ළඟ හිඳගෙන හිතේ දුක කියන මට එන්න ඕන තාත්තේ ඔයා ගාවට මාව ගන්නවද ළඟට... මතු බවයක එකට ඉන්න පතනවා මගෙ ආදර තාත්තේ... හැමදාටම හැම බවයක එකට ඉන්න පතනවා... කිසිම ආත්මෙක මේ වගේ අකල මරණයක් වෙන්න එපා මගේ තාත්තට... මගේ ලෝකේ වීරයා ඔයා ආදරෙයි ගොඩක් තාත්තේ...

ඔබ නැති මේ ලොව පාළුයි අඳුරුයි...

තාත්තෙක්ගේ ආදරෙ දුවෙකුට මහ මෙරක්...

සුදු මැණිකේ...

@kathalokaya