Get Mystery Box with random crypto!

ඇතුගල අහස යට මුමුණාපු පෙම් වදන්.. රන්තාලිය වැව ළඟ දුන් හීන | The LIFE_Official™

ඇතුගල අහස යට මුමුණාපු පෙම් වදන්..

රන්තාලිය වැව ළඟ දුන් හීන වරු ගණන්.

දුර ඈත අත් පටලන් පෙමින් ඇවිද ගිය උමං මං..

කෙලෙස අමතක කරන්න ද මන් නුඹේ පෙම රත්තරන්..


කාලෙකින් වැටුණු වැස්සට තෙමුනා මතක ද දවසක්..

මා දමා නුඹ යන වග කීව හැටි නම් පුදුමයක්..

නැවත හැරී යන නුඹ දෙස බලන් සිටියෙ කඳුළු හිරකරන්..

තවම මා ඉමි ඇතුගල පාමුළ නුඹ දුන්නු පෙම සිහිකරන්..



.... SJ *

@kathalokaya