Get Mystery Box with random crypto!

හීන අහුරු... හැමදාම මම දකින්න ආස වුන මගේම කියලා හීනයක්... | The LIFE_Official™

හීන අහුරු...

හැමදාම මම දකින්න ආස වුන මගේම කියලා හීනයක්...
හම්ම් ඔව් එයාගෙයි මගෙයි කියලා ලස්සන ලෝකයක්...
හැබෑ වෙයි කියලා ප්‍රාර්ථනා කරපු මහ පැතුම් කෝටියක්...
හම්ම් එයාටයි මටයි කියලා වෙන් කරපු අපේම ජීවිතයක්...


පුංචි පුතු පැටියෙක් ඊට පස්සෙ දූ පැටික්කියෙක් ඒක මගේම හීනයක්...
නුඹත් හවුල් වුණා පාට පාටින් පාට කරන්න අපේම ආදර පුරයක්...
මාල හතකින් ගෙල සරසන් ඔසරියක් අදින්න පෙරුම් පුරපු කාලයක්...
නිලමෙ ඇදුමට වවපු රැවුලට නුඹව දකින්න ආස කරපු ප්‍රේමියක්...


හරි අපූරුවට අපි අපිටම මවපු අපේම කියලා හීන ගංගාවක්...
නොගැලපෙන දේවල් එක්ක වුනත් එකට දැකපු හීනයක්...
අහසෙ තරු ගානට නුඹත් මමත් දැකපු හීන හැම එකක්...
හැබෑ වේවිද දන්නෙ දෛවය නුඹමයි නුඹ නම් මහ සරදමක්...





... SJ *


@kathalokaya