Get Mystery Box with random crypto!

මතක රිද්දනවා කෝමත් ඔයා බර වැඩී මේ හිතට මේමත් ළගම උන්නු දවසක ඒ | The LIFE_Official™

මතක රිද්දනවා කෝමත්
ඔයා බර වැඩී මේ හිතට මේමත්
ළගම උන්නු දවසක ඒමත්
හිත ගැහුනා මීට වඩා වේගෙන් බෝමත්........

හිතක හිස් තැන් උගුල්ලා දාන්න
ඒ තැනෙත් තරුවකට ඉඩක් ඇති බලන්න
වරුවකට ගිමන්හැර නැවතිලා හිදින්න
මහ දවල් තරුකඩන් වැටෙනවා බලන්න .......

ආදරේ කොච්චරක් උනත් හැකි දරන්න
පපුවටම ගුලිවෙයන් තවටිකක් දැනෙන්න
හෙටක් විශ්වාස නෑ එපා රැය ගෙවෙන්න
ඇහැකිනම් තවවරක් දෙතොල් මගෙ තෙමන්න.....
එතකොට ,
හැකී මට කල්පයක් නිවෙන්න......
දවසකදි ගිලිහුනත් ආදරෙන් මියෙන්න......

සනූ වික්‍රමසිංහ .....
@kathalokaya