නිම්න බෑවුම් මුදුන් සිපගෙන සුළං රැල් හැමුවා... විහිද තටුපත් පහස විඳිමින් ලිහිණියන් හැඬුවා... හිරුත් නොපෙනෙන වැසිත් නැති එක දහවලක් දුටුවා... කිසිත් නොහිතම හිතේ අයිනක මහ දුකක් තිබුනා... තත්පරෙත් කල්පයක් වාගෙ ම ගතවුනා දැනුනා... රැහැයි නාදෙන් දැහැන බිඳිලා දෑස් හැර බැලුවා... ගොම්මනත් මට පෙම් බැඳන් ළඟ දැවටෙමින් හිටියා... නින්ද එනකං පැලේ තනියම දුකට කවි ගෙතුවා... #The_Shan_DK 22.4.27 @kathalokaya 283 viewsKavi wijesundara , edited 07:52