Get Mystery Box with random crypto!

හමු වන්න පින් කල මුත් හිමි වීමට පින් මදි ඇති එකයි අදටත් නමක් න | The LIFE_Official™

හමු වන්න පින් කල මුත්
හිමි වීමට පින් මදි ඇති
එකයි අදටත් නමක් නොමැති
බැදීමක් අප අතර පවතිනුයෙ...

ඔබ නොමැතිව ගෙවේන තත්පරේ
කල්පයක් වැනී දැන් මට
හමු වුනු දා පටන් බැදි පෙම
අපමණයි තවමත් සිතේ.....

නිදි වරන රාත්‍රියක් ගානේ
පෙරලෙයි පිටු මතක පොතේ
සොදුරු අතීතයේ මතක අස්සෙම
ගුලි වෙමි මම ඔබේ උනුහුමේ...

යාලුකමට එහා ගිය
ආදරයෙන් මෙහා නැවතුනු
ඒ බැදීමට තවමත් සොයනවා මා
දීමට පුලුවන් නාමය ලොවේ....

සන්දගී....

@kathalokaya