Get Mystery Box with random crypto!

හැමදාම මට උරුම මේ ලෙස මඟ බලා හිඳුමද පුතේ එදා වාගෙම අදත් නුඹ වි | The LIFE_Official™




හැමදාම මට උරුම මේ ලෙස මඟ බලා හිඳුමද පුතේ
එදා වාගෙම අදත් නුඹ විතරයි මගේ ලෝකය වුණේ
උඹේ ලෝකේ සුන්දරව ඇති දන්නවා මම මගෙ පුතේ
මොහොතකටවත් මතක් වෙනවද නුඹේ අම්මා කිසි දිනේ

ඒ කාලෙනම් අම්මා හැර වෙන කෙනෙක් හිටියද නුඹෙ ලොවේ
පුංචි දේටත් ළඟට ඇවිදින් තුරුල් වී උන්නා අනේ
උස් මහත් කෙරුමට නොකළ දේ නැතුව ඇති තව මගෙ ලොවේ
අම්මා විතරක් නෙවෙයි නුඹ හට පිය සෙනෙහසත් මම පුතේ

දන්නවා නුඹෙ තාත්තා හිටියනම් අද මගෙ ළඟ පුතේ
විඳවන්නෙ නෑ මේ තරම් මම තනිකමක් නෑ මට මෙසේ
මාසේ අන්තිම දවසෙ උඹ මට සල්ලි එව්වත් හැම සැරේ
ආදරේ ගන්නට හැකිද ඒ සල්ලි දීලා කිසි දිනේ

මතක ඇතිනම් මාව මොහොතක් නුඹේ ඔය හිත ඇතුලෙ ම
අනේ එනවද පුතේ මම තවමත් බලං ඉන්නම් මඟ
මැරුණ දවසට මිනිය ලඟ හිඳ කොයිතරම් හැඬුවත් උඹ
දැනේවිද පුත නුඹේ හිත තුළ ඇති සෙනෙහෙ මට එදාට


Dew

@kathalokaya