Get Mystery Box with random crypto!

අවසන් හමුව............ වෙනදට වැඩිය ලස්සනයි නෙ මගෙ මැණික | The LIFE_Official™

අවසන් හමුව............



වෙනදට වැඩිය
ලස්සනයි නෙ මගෙ
මැණික අද
මන් ලග ඉන්නකොට වාගේ
නෙත් දෙක පියවිලා
ඇත
ලගට ඇවිත් නලල සිඹින්න
වුවමනයි මට
සෙනග වැඩි නිසා දුර සිට
බලමි මම.....

අපෙ ආදර කතාව මැවෙනවා
එක පෙලට
නුඹේ සිනා හඩ පමණයි ඇහෙන්නේ
මෙමට
නිදිමත වැඩි වෙලා පාර
පෙනුනේ නැති ද
පරිස්සමින් එන බව
කීවා නේද ...


මේ අපගේ අවසන් හමුව
යන්නම යනවනේ මගෙ මැණික
අද
දුන් ඉඩ වෙන කෙකුට නොදෙමි
මම
ඇස් රතු කරන්
අවසන් වරට ඔබ
දෙස බලමි
මම......

Abhi Dissanayake

@kathalokaya