Get Mystery Box with random crypto!

ඔහු..ජීවිතේ බිංදුවෙන් පටන් ගත්ත පිරිමියෙක්.. 'මන් වැඩිය කතා න | The LIFE_Official™

ඔහු..ජීවිතේ බිංදුවෙන් පටන් ගත්ත පිරිමියෙක්..

"මන් වැඩිය කතා නොකරන එක ඔයාට ප්‍රශ්නයක්ද..?" එයාගෙ හිතේ හැම වෙලේකම වැඩ කරපු ප්‍රශ්නයක්..

"ඔයා සයිලන්ට් උනාට මන් ඒකට ආසයි.."ඒ වෙලාවට මගෙ උත්තරේ..

මට මතකයි එයාගෙ කටේ හැම වෙලේම තිබ්බා..

"ඔය විදියට ලස්සනට හිනාවෙලා ඉන්න..හැමදේකටම මන් ඉන්නවනෙ.." කියලා..

ඒ දවස් හරි ලස්සනයි..

එයා ආස උනේ බැංකුවක මැනේජ(ර්) කෙනෙක් වෙන්න..ඔව් එයා ඒ තැනට ආවා..මන් තරම් සතුටු වෙන කවුරුත් නැතුව ඇති..මොකද..මන් තරම් එයාගෙ ආසාව ගැන දන්න කෙනෙක් නැති තරම්..

අවුරුදු අටක්..අපිට අපිව අතෑරිලා එච්චර කාලයක් ගිහිල්ලා..හීනයක් වගේ..

"අපි දෙන්නා මේ යන ගමන ලේසි නෑ..හොඳම දේ මෙතනින් නවතින එක..මන් ආස නෑ ඔයා අඬනවා බලන්න.." අන්තිමට කලුතර බෝධිය ගාවදි නළල ඉඹලා එයා කිවුවා..

මන් හිතන්නෙ එයා හරි..

ඉතින්..අපි දෙන්නා අපේම පාරවල් දෙකක..දැන් හැමදේකටම එයා මන් ලඟ නැති උනත් ඉස්සර මතක හරි පරිස්සමට හිතේ තියාගෙන එයා කියපු විදියට හිනාවෙලා ඉස්සරහට යනවා..

ඒත්..මට උවමනාවක් නැති උනාට..අදටත් ඉඳලා හිටලා හරි සම්පත් බැංකුවට ගිහින් පෝලිමේ ටික වෙලාවක් ඉඳලා එනවා..

#Hasii..

@kathalokaya