Get Mystery Box with random crypto!

අල්ලන් යන්න බැරි අතක්.. අරගෙන ඇවිද බොහෝ දුරක්.. හංගා මතක හුස්ම | The LIFE_Official™

අල්ලන් යන්න බැරි අතක්..
අරගෙන ඇවිද බොහෝ දුරක්..
හංගා මතක හුස්මෙ තියන්..
තනිවීම ප්‍රේමයක්...


හිමිකමක් නෑ කියලා දැන දැනම
ළං වුණේ ඔය හිතටමයි...
මොනා වුනත් ඔය හිතෙත් තියෙන්නැති
පුරෝපු ආදරයක් මන් වෙනුවෙන්ම...
නොකීවට ඔයත් දකින්නැති
හීන කෝටි ගාණක් හැබෑ කරගන්න ආසාවෙන්...
තව කෙනෙකුට අසම්මත වුණත්
අපේ හිත් වලට සම්මත ඇති මේ ප්‍රේමයත්...


අපි පතනා ජීවිත සමහර තැන්වල
මුණ ගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වන්නේ
හිමි වීමෙන් නොව අවසානේ...



මම ආස කරන කෙනා ඔයා වුණත්...
මම පතපු හීන ලියවුණේ ඔය නමට වුණත්...
ලෝකෙටම හොරෙන් අපි ආදරේ කරන්නැති වුණත්...
මේ හමුවීම හිමි වීමකින් අවසන් නොවේවි කවමදාවත්...




.... SJ *

@kathalokaya