Get Mystery Box with random crypto!

හමුවේවි අපි ........ ගල් පඩිපෙලේ ඉදගෙන හැන්දෑ අහස බලාගෙන | The LIFE_Official™

හමුවේවි අපි ........

ගල් පඩිපෙලේ ඉදගෙන
හැන්දෑ අහස බලාගෙන
කතා කරපු හැටි මතකද
එදා අපි නතර නොකරම

" හිතන් ඉන්නෙ මම යන්න මෙහෙන් වෙන රටකට "
කියද්දි ඉබේටම
මට බැලුණා
එදා ඔබේ දෙස ..

ආය කවදද මුණගැහේ විද
ඇත්තටම නොදනිමු අපි දෙදෙනාම
" කවද හරි මුණගැහේවී විස්වාසයි මට "
එදා බොරුවට නෙමෙයි කිවුවෙ
මම ඇත්තටම....

යන්න සැරසෙද්දී එදා
මම ඔය ඇස් දෙක
කියෙව්වා නිකමට
දැනන් හිටියා මන්
නොකීවට ඔබට
කියා ගන්නට බැරි
වුණ ඒ රහස

.........................................
කොපුල සීතල වුණ නිසා
ගැස්සී අවදි වුණෙමි මම
මටත් නොදැනීම මම
ගිහින් අවුරුදු පහක් පස්සට
අදටත් මට විශ්වාස යි
හමුවේවි අපි නැවත විගසින් ම .


Abhi Dissanayake
" අතීතයේ අපිට අහිමි වූ ඇතැම් දේවල් වලට අසීමාන්තික ව පෙම් කරමු ..."

@kathalokaya