Get Mystery Box with random crypto!

ඔයා කොහෙද ඉන්නෙ? ස්වර්ගයේ විහිළු නෙමේ කොහෙද ඉන්නෙ? නිරයෙ | The LIFE_Official™

ඔයා කොහෙද ඉන්නෙ?
ස්වර්ගයේ
විහිළු නෙමේ කොහෙද ඉන්නෙ?
නිරයෙ
පිස්සු කියවන්න එපා මම අපි හැමදාම හම්බෙන තැනට ඇවිත් ඉන්නෙ.කොහෙද ඉන්නෙ?
ස්වර්ගය හා නිරය එකතු වෙන තැන
මනුස්ස ලෝකෙ
මොනාද කියවන්නෙ මාව පිස්සෙක් කරන්නද හදන්නෙ?
ඔයා මාව ඇත්තටම හොයනවද?
ඔව්........හැමදාම......
ඔව් ඔයා හොයන්න.හැබැයි ඔය විදිහට නෙමේ
ඔයා මගේ ආත්මයේ ස්වර්ගයට ආදරේ කරන්නෙ
හැබැයි දන්නවද මගේ ආත්මය තුළ නිරයකුත් තියෙනවා.
පුළුවන්නම් ඒක හොයාගන්න
එදාට තීරණය කරන්න
මම සදහටම ඔයාගෙ වෙනවද නැද්ද කියලා
මතක තියාගන්න කවුරුත් හොයපු නැති ගවේෂණය නොකරපු හදේ අදුරු පැත්තක් තියෙනවා කියලා
මොකද මිනිස්සු අදුරට බයයි
ආලෝකයට කෑදරයි
පදාර්ථයට වඩා ප්‍රතිපදාර්ථය තීව්‍රයි.දරුණුයි

Dark writer-

@kathalokaya