Get Mystery Box with random crypto!

හීනි පොද සීරුවට රෝස මල් සිඹිනවා මල් ක‍ළඹ රැඳි දෑත කඳුලු බර දරන | The LIFE_Official™

හීනි පොද සීරුවට රෝස මල් සිඹිනවා
මල් ක‍ළඹ රැඳි දෑත කඳුලු බර දරනවා
තණ පලස මත වැටී ගැටපිච්ච හඬනවා
අතහැරුනු ඔය දෑතෙ සුවඳ මට දැනෙනවා

ඉස්සරම දවසකදි මල් වැස්සෙ මැව් හීන
පේවිලා නුඹ නැතිව නුඹ එක්ක වාගේම
මන්දාරමක් යටදි ඉකිබිඳින හිත එක්ක
මනමාලි මා නුඹේ අද සැරසිලා බෝම

මල් පෝරුවත් බොහොම ලස්සනයි අප මැව්ව
නිලමෙ සළු ගතදැරූ ඔබත් ඇති තේජස්ව
ඔච්චමට මා එක්ක ඉස්සරම වාගේම
සොහොන් කණු අතර දැන් හැංගුනා මදි නැද්ද.............


ලිලී

@kathalokaya