Get Mystery Box with random crypto!

මුවට මුව ළං කර කෙඳිරූ වදන් ගොළු කර නෙතට නෙත යා කර කියවූ හැඟු | The LIFE_Official™

මුවට මුව ළං කර
කෙඳිරූ වදන් ගොළු කර

නෙතට නෙත යා කර
කියවූ හැඟුම් යටකර

හිතට හිත ළං කර
මැව් හීන අද බොඳ කර

අතට අත මැදි කර
දුන් පොරොන්දුව මඟහැර

නොකියා යන්න තනිකර
කෙසේ සිතුනිද පෙම්බර

Ishara

@kathalokaya