Get Mystery Box with random crypto!

සුදු ගව්මේ රැලි ඔහේ දුවනවා මතක පිරුණු පාසැල් පාරේ දෑතේ වෙලිලා | The LIFE_Official™

සුදු ගව්මේ රැලි ඔහේ දුවනවා
මතක පිරුණු පාසැල් පාරේ
දෑතේ වෙලිලා පෙම්බස් දෙඩවූ
එක කුඩයක් යට ගිය කාලේ..

පරණ බස්රියේ මලකඩ අසුනක
සවනත මිමිණූ පෙම් ගීයේ
විසිරුණු රටකජු මට තව මතකයි
කුලුදුල් හාදුව දුන්නු වෙලේ

පුරුදු මාවතක සුපුරුදු අසුනක
ඔබ පමණයි මා ළග නැත්තේ
නිමවූ කතාවෙ සුන්දර මතකය
අප ගොඩවූ මේ රිය දන්නේ..


කේශි.

@kathalokaya