Get Mystery Box with random crypto!

මට එක පුරුද්දක් තියනවා....චූටි කාලෙ ඉඳන් ම තියන එකක් නම් නෙවෙය | The LIFE_Official™

මට එක පුරුද්දක් තියනවා....චූටි කාලෙ ඉඳන් ම තියන එකක් නම් නෙවෙයි...

මං වයසින් ලොකු වෙද්දි ලොකු වෙද්දි ළඟම අය බිසී වෙනකොට , එයාලට මං එක්ක කතා කරන්න වෙලාවක් නැති වෙනකොට , මං තනි වෙනකොට මං විසින් ම හිතින් හදා ගත්ත පුරුද්දක්...

මොකක්ද දන්නවද....

හීන ලෝකයක් හදන එක සහ ඒ හීන ලෝකෙ තනිවෙන එක...

ඒ ලෝකෙ ඇත්තටම ලස්සනයි... මම වැඩිපුරම ආසත් ඒ හීන ලෝකෙ ඉන්න..මොකද ඒ ලෝකෙ තියෙන්නෙ මං ආස කරන දේවල් සහ ඒ හීන ලෝකෙ මං ජීවත් වෙන්නෙ මං ආස විදියට..

මං ගොඩක් ආදරෙ කරන අයට මං එක්ක කතා කරන්න තියන වෙලාව මාත් එක්ක ගත කරන්න තියන වෙලාව ගොඩක් අඩුයි. කතා කරන්න ගියත් ගොඩක් වෙලාවට බැනුම් තමයි අහන්නෙ...

ඉතින් ඒ නිසා මම මං විසින් ම මවා ගත්ත හීන ලෝකෙ ඇතුළෙ මට එයාලට කියන්න ඕන වුණ දේවල් හිතෙන් කියනවා.. කවුරුවත් නැති වෙලාවට නම් කටින්ම කියනවා මං ඇත්තට කීවා නම් ඒ කියන විදිය රඟ දක්වමින්ම...

ඉතින් මං ගොඩක් වෙලාවට අම්මට කතා කරන්නෙත් අම්මා ළඟ හුරතල් වෙන්නෙත් ඒ ලෝකෙ ඇතුළෙ... අප්පච්චිටත් එහෙමයි... සහෝදර සහෝදරියන්ටත් එහෙමයි..

තනියම ඉන්න වෙලාවට කොහාට හරි වෙලා මං මගේ ලෝකෙට වෙලා කරන කියන දේවල් හිතෙන් කියනවා.

එතකොට මං යාළු වෙලා ඉන්න පිරිමි ළමයා... එයාටත් මං කතා කරන්නෙ එහෙම තමයි අනෙ.....

කොහොම ද දන්නවද...

හැමදාම රෑට මම නිදා ගන්න යන්නෙ නිදි මතක් නැතිව...එහෙම ගිහින් මම කොට්ටෙත් තුරුල් කරගෙන හිතනවා දැන් මං ඉන්නෙ එයා ඉස්සරහ කියලා හරි එයා එක්ක කෝල් එකේ කියලා හරි

එහෙම හිතාගෙන මම එයාට කියන්න හිතන් හිටිය දේවල් එයාගෙන් අහන්න හිටපු දේවල් ඔක්කොම හිතෙන් කියනවා එයා මගෙ ඉස්සරහ ඉන්නවා කියලා මවාගෙන.

එයාගෙන් ප්‍රශ්න අහලා මංම උත්තරත් දෙනවා හිතෙන්..

එතකොට මං ඒ හීන ලෝකෙ ඇතුළෙ අඬනවා හිනා වෙනවා දුක් වෙනවා සැනසෙනවා... එහෙම තමයි ඉතින් මං මගෙ මෙ ගොං හිත හදා ගන්නෙ...

නිකම් කිව්වෙ... පිස්සු කියලා නේද ඔය හිතන්නෙ.... ඔව් ඔව් මට පිස්සු තමයි...

කම්මැලි කමට ටයිප් කරෙ.. ඇත්තටමයි කීවේ ඉතින්...

මං යනො එහෙනම්..බායී ...

_ Av-

@kathalokaya