Get Mystery Box with random crypto!

තවත් එක් කන්නගියක් විය හැකිය මටත් නමුදු එය පෙනේවී ලෝකයාට පමණ | The LIFE_Official™

තවත් එක් කන්නගියක් විය හැකිය
මටත්
නමුදු එය පෙනේවී ලෝකයාට
පමණක්
පියයුරකින් පඩි රටක් අලු කිරීමට
තරම්
දැන් ශක්තියක් නොමැත කන්නගිය
සේ මටනම්
හදවතේ ඇවිළෙනා ගිනි පුපුරවත්
නිවන්නට නොහැකි මා
කෙසේ නගරයක් ගිනිබත්
කරම්ද
දෙපයින් නැගිට සිට

නුඹ ගිය සොවින් අලු කිරීමට හැකි
නුඹෙ අතීතයේ මතක ගොඩවල්
ගොඩක්
පති බලය කියා පත්තිනිය වැන්දට
අපිත්
ඇයත් ප්‍රේමය නිසා පරාජිත එකියක්
නොවෙද
පතිවතේ සුදු රෙද්ද ඔතාගෙන
මටත්
විය හැකියි දෙවගනක් මල් දුමෙන්
පුදන්නට
ප්‍රේමයේ අකමැතිම දේ විදපු
මට
දෙවියෙක් වුණත් කොහි ඇති සැනසුමක්,සතුටක් ද ......

Kavi

@kathalokaya