Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 13

2022-05-23 19:00:02 සමන් පිච්ච පෙති වැනි
රත් පැහැ සුමුදු අත් පොඩී
පිට අත්ලේ නහර කෙටී
හිල් කරන් කැනියුලාවකී

හදේ සත්සර - ගහෙන නදෙට
පැත්තෙන් හිද - ඉකි ගැසුවාට
මැශින් අස්සේ - පන ගැහුනාට
යන්න යනවා - යලි නොඑන්නට

අඩ නිද්‍ර සුවෙන් ගිය
Operation අපායේ
බට අස්සෙ බැද තබා
මියදෙනා බර සුසුම්
හඩ නගා කෑ ගසයී
"අම්මෙ...... මට ගෙදර යන්න ඕනි..... "


Book thief

@kathalokaya
211 viewsKavi wijesundara , 16:00
باز کردن / نظر دهید
2022-05-23 10:57:28
@kathalokaya
225 viewsKavi wijesundara , edited  07:57
باز کردن / نظر دهید
2022-05-23 10:54:06



වරදක් කළාද මම
රිදවන්න ඔය හිත
වචනයක්වත් කිව්වද
හිත රිද්දන්න හිතාගෙන
"මමයි ආදරේ වැඩිපුරම"
කිව්වත් නුඹ හැමදාම
අදටත් කියන්නෙ මේ හිත
මමයි දුන්නෙ ආදරේ වැඩිපුරම
අයිති කර ගැනීමම
ප්‍රේමය වුණු කාලෙක
අත්හැරියා නේද
නොහිතාම අපි අපිවම
තරහක් නෑ අදටත්
අපේ හිත්වල අපි ගැන
එයම නොවේද මැණික
සදාකාලික ආදරය....


Dew

@kathalokaya
206 viewsKavi wijesundara , edited  07:54
باز کردن / نظر دهید
2022-05-23 09:45:47 ආදරය....


එකම හිතකට ආදරය කරලා මෙච්චර දුක් විදින්න වෙයි කියලා හිතුවේ නෑ මන්..
ගොඩක් අය ආදරය ඉල්ලගෙන ආවත් මන් ඔයාට මගේ හිත දීලා ඉවරයි...
ඒත් ඒ ආදරය ඇතුලේ වීදීමට වඩා විදවීම ගොඩක් තිබුනා..
ජීවිතේ ලස්සන වෙන්න නම් ආදරය තියෙන්න ඕනි..
ඔයා මාව එපා කියලා දාලා ගියපු තැන් වල මන් ඔයා වෙනුවෙන් ජීවත් වුනා..
වෙන කෙනෙක් ළග මේ හිත නතර වුණේ නෑ..
ඔය හිත ළග විතරමයි මේ හිත නතර වුණේ..
මන් හැම වෙලාවක ම ඔයා වෙනුවෙන් ඉදියා...
ඔයාගේ දුක මගෙත් වේදනාව වුණා..ඒත් මගේ ආදරේ ඔයාට අවසානේ විහිලුවක් වෙලා..
ඔයා හිතෙන හිතෙන වෙලාවට මාව අතහැරලා දාන්නේ හීන බලාපොරොත්තු ගොඩක් බිමට දාලා...
මන් දන්නේ නෑ ඒවට හේතු...
ආදරය බලෙන් ලබා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි..
ඔව් මන් ඒක දන්නවා...
ඒත් මේ හිත කවදාවත් පිලිගන් නෑ ඔයා මට ආදරේ කළේ නෑ කියලා..
මට දැනුණා ඔයාගේ ආදරේ..
මන් ආදරය ළග අසරණයි..
ඔයාට මාව තේරුම් ගන්න පුලුවන් වුණ දවසකට මන් ගැන දැනෙයි ඔය හිතට...
තප්පරෙන් වෙනස් වෙන හිත් ළග ආදරයත් වෙනස් වෙනවා කියලා ඔයාගෙන් ඉගෙන ගත්ත ලස්සන පාඩමක්...





එක හිතකට ආදරය කරන්න බැරි නම් හිත් ළග නතර වෙන්න එපා..ආදරය යන හැගීමට අරුතක් දෙන්න පුලුවන් නම් විතරක් ඒ හදවත ළග නතර වෙන්න.. ඒ තුළ ලස්සන හදවත් අතර ප්‍රේමය නම් බැදීම හරි ලස්සනට හැමදාම පවතීවි....





උමී...

@kathalokaya
200 viewsKavi wijesundara , 06:45
باز کردن / نظر دهید
2022-05-22 20:32:47
නීතියේ දෙවගන ට උදව් ඕන ලු..

යුක්තියෙ සංකේතය මා අත ඇති කඩුව
සැමට සාධාරණ වන බව පවසයි තුලාව
නීතිය සැමට එක සේ වෙයි එය මගෙ විදිහ
මම නීතියේ දෙවගන
තේමස්....

සැමට යුක්තිය ඉටු කෙරැම
වුණේ මගේ ඒකායන පැතුම..
පෙනුනොත් ගැටලුවක් යුක්තිය ඉල්ලන අයව
ඒ හින්දා ලොකුතැන් ගැට ගැසුවා මගෙ දෑස් දෙක....

නොපෙනේ මට කුමක් ද සිදුවන්නේ
කවුදෝ දෙස් තියනා හඩක් ඇසේ...

" කොහෙද ඔය කියන යුක්තිය ඇත්තේ... යුක්තියත් යටයි පන්ති, කුල,මලයට අපට පෙනේ..."

කුමක් ද මේ සිදුවන්නේ..
කිසිවක් නෑ වැටහෙන්නේ..
අසාධාරණය මා අතින් ද සිදුවන්නේ...
මන් කාගෙන්ද යුක්තිය ඉල්ලන්නේ..........

Abhi Dissanayake

@kathalokaya
35 viewsKavi wijesundara , edited  17:32
باز کردن / نظر دهید
2022-05-22 17:37:46 නුඹ සොරෙක් ඌ හොරෙක්

සොරා ගත්තා නුඹ
මගේ ඒ රතු ලේන්සුව
සුවඳ පිරුණු මිලෙන් වැඩි
නුඹෙන් පළිගන්න
ඒ නපුරු සොරකමට
මා ගෙතුවා රතු නූලෙන්
අමිල සිනිදු
සලු ගණනාවක්ම
නුඹ මගේ ලේන්සුව
සොරාගත් ඒ
ක්‍රීඩා පිටියේදීම
ඌ හොරාගත්තා
මා ගෙතූ සිනිදු සලු දැමූ
පුංචි පෙට්ටගමම
ඌ හොරෙක් ලෝකෙට
නුඹ ඊට වැඩියෙන් සොරෙක්


දුල් බණ්ඩාර

@kathalokaya
134 viewsKavi wijesundara , 14:37
باز کردن / نظر دهید
2022-05-22 16:39:49
ඉඳල හිටලා මමත් ආසයි
නිදහසේ පාවෙලා ...
මල් පෙත්තක නැගී....
හඳ පැත්තෙ ඇවිද යන්නට ....

දුම්වලා පිරුණු හිස් අවකාශයේ
ගිනි තුඩක රස්නෙ පිට
හිනැහි හිනැහී හීනියට
වැඩිසීනි ප්ලේන්ටියක
රසය විඳගන්න...

"සබ්බං පහාය ගමණීයං " සගො.....

#චංකගේ_කවි_හිත

@kathalokaya
157 viewsKavi wijesundara , edited  13:39
باز کردن / نظر دهید
2022-05-22 13:27:27
දැන් වත් ඇති......

එක මවකගෙ දරු කැල බැවිනා කිව්වට ජාතික ගීයේ
ඕවා සේරම බොරු
සහෝදරයා
නිදහස ලැබිලා අවුරුදු කීයද දැන්
කොයි සමගි වුන රටක්
කොයි අපේ කියන හැඟීමක්
පාට කුල මල ආගම් වලින්
හිතත් හිසත් පුරවාගත්තු මිනිස්සු ගොඩක් ලග කොහෙද අපේ කමක්
දුප්පතාගෙ හිතවතා කියාගෙන එන හැම එකාටම රැවටිලා
උන්ට ඡන්දෙ දීලා
උඹලා අපිට නැති කළේ
අනාගතයක් ගැන හීන නැති රටක්
දැන්වත් ඇති රැවටුණා
මේ පාරවත් ඔලුවෙන් හිතලා වැඩ කරපල්ලා

Abhi Dissanayake

@kathalokaya
184 viewsKavi wijesundara , edited  10:27
باز کردن / نظر دهید
2022-05-22 11:32:49
මා දොස් තබන්නේ ඔබට ද ....?

මා තුළ සිටි ප්‍රේමණීය මිනිසා අවදි කලේ ඔබ ය.
ඔහුව මිරිඟු කතරක අතරමං කලේ ඔබ ය.
ඔහුව අමු අමුවේ මරා දැමුවේ ද ඔබ ම ය.
ඔබට හිමි චෝදනාව ඉහත කරුණු තුනට ම ය.

ඔබ ඔහුව අවදි නොකළානම් ...
අතරමං නොකළානම්...
ඝාතනය නොකලානම් ...
අර්ධ මිනිසෙකු ලෙස අද ලෝකය මා දකින්නේ නැත.

ඉතින් සබඳ.....,

මා දොස් තබන්නේ මට ම ය.....

මන්ද,
ඉහත කී සියල්ල උදෙසා ඔබව තෝරා ගනුයේ මම ම ය...

@kathalokaya
203 viewsKavi wijesundara , edited  08:32
باز کردن / نظر دهید
2022-05-22 11:04:05
හුදකලාවට පෙම් කරමි .......

හුදකලාව ට ප්‍රේම කරන්න
එය අමුතුම රහකි
ඇවිත් විදිය යුතුමයි ඒ හැගුම
වචනයෙන් එසේ වුවත්
සිත දන්නවා ඇත්ත..
හුදකලාව අපහසුයි
අවසානයේ ඔබට ලැබෙන්නේ
ගල් වූ හිතකි...


Abhi Dissanayake
204 viewsKavi wijesundara , 08:04
باز کردن / نظر دهید