Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 20

2022-05-05 20:10:00
නින්නාද දෙයි දියඹේ රැළි
නිහඬ ව
වර්ජනයක්‌ ලු සයුරු තෙර
තනිව ම
නෙළුම් කුළුණ ද අඳුරේ හැඩ
පෙන්වන
රඟ දක්වන්නේ දියවන්නා
අසිරිය


හැකිය සියුමැලි රටා මැවුමට
කළුගලත් අවනත නිසාවෙන්
සොබාදහමත් ඉකි ගසයි අද
මව්රටේ කලබල නිසාවෙන්


සාගින්න නොහඳුනන රටේ පාලකයන්
තීරණ ගන්නට මේ තරම් ළතැවෙද්දී
අව්වැසි නොතකා තම යුක්තිය පිණිස
ජන ගඟක්‌ එක් වුනා සමගිව එක රෑනේ



Th@nu...


@kathalokaya
100 viewsKavi wijesundara , edited  17:10
باز کردن / نظر دهید
2022-05-05 20:09:18
පෙරදිනේ ගෙන මගෙ දෑත...
අහසෙ සද දෙස බලන්...
ඔබ කියූ පෙම් වදන්...
මුසාවක් බව දැන උන්නනම්....
මේ වේදනා කිසිත් නෑ අද දිනේ ...



Sawani

@kathalokaya
96 viewsKavi wijesundara , edited  17:09
باز کردن / نظر دهید
2022-05-05 20:08:55
මහ හුගක් දුර ඈත උරුම නැති හිතක සිට
වචන දෙකතුන කලාතුරකින් පාවෙලා එයි ඉදහිට
මහද අහුලාගන්න ඒ වචන දෙක තුන
මවයි මුලු හිතපුරා මට අහිමි පෙම් හීන
හොදින්දැයි ඇසූ විට බොහෝ කලකට පසුව
කියන්නේ කෝම මම නුඹ නැතිව හැඩූ වග
හීන එලි පොදක් ගෙන ඉදහිටක ලංවෙන
සැණින් එසැණින් යලිත් නොපෙනීම දුර යන
තනිවෙන්න මග බලා ඉවසමින් සැනසෙන
ප්‍රේමයට තිබුනේම දුර ඉදන් හිනැහෙන්න -Malki-

@kathalokaya
99 viewsKavi wijesundara , edited  17:08
باز کردن / نظر دهید
2022-05-05 15:42:21
ඇහෙනකොට රේස් සද්දෙ

තාමත් දුවනවා වැට ගාවට

වංගුවෙන් පේනකොට කලු පාට බොනට්ටුව

'අම්මා ඉන්නවද දන්නෑ'

බැලෙනවා ඉබේම ගේ දිහා..

දැන් නවත්තයි දැන් නවත්තයි

හිත කියනවා හැම වෙලේකම..

රේස් කරන් යද්දි මං ගාවින්ම

නෑ වගේ අදත් උඹ..

වැටෙනවා උණු කඳුලු

වෙනදා පුරුද්දටම..

#Hasii..

@kathalokaya
192 viewsKavi wijesundara , edited  12:42
باز کردن / نظر دهید
2022-05-02 19:48:28 මට එක පුරුද්දක් තියනවා....චූටි කාලෙ ඉඳන් ම තියන එකක් නම් නෙවෙයි...

මං වයසින් ලොකු වෙද්දි ලොකු වෙද්දි ළඟම අය බිසී වෙනකොට , එයාලට මං එක්ක කතා කරන්න වෙලාවක් නැති වෙනකොට , මං තනි වෙනකොට මං විසින් ම හිතින් හදා ගත්ත පුරුද්දක්...

මොකක්ද දන්නවද....

හීන ලෝකයක් හදන එක සහ ඒ හීන ලෝකෙ තනිවෙන එක...

ඒ ලෝකෙ ඇත්තටම ලස්සනයි... මම වැඩිපුරම ආසත් ඒ හීන ලෝකෙ ඉන්න..මොකද ඒ ලෝකෙ තියෙන්නෙ මං ආස කරන දේවල් සහ ඒ හීන ලෝකෙ මං ජීවත් වෙන්නෙ මං ආස විදියට..

මං ගොඩක් ආදරෙ කරන අයට මං එක්ක කතා කරන්න තියන වෙලාව මාත් එක්ක ගත කරන්න තියන වෙලාව ගොඩක් අඩුයි. කතා කරන්න ගියත් ගොඩක් වෙලාවට බැනුම් තමයි අහන්නෙ...

ඉතින් ඒ නිසා මම මං විසින් ම මවා ගත්ත හීන ලෝකෙ ඇතුළෙ මට එයාලට කියන්න ඕන වුණ දේවල් හිතෙන් කියනවා.. කවුරුවත් නැති වෙලාවට නම් කටින්ම කියනවා මං ඇත්තට කීවා නම් ඒ කියන විදිය රඟ දක්වමින්ම...

ඉතින් මං ගොඩක් වෙලාවට අම්මට කතා කරන්නෙත් අම්මා ළඟ හුරතල් වෙන්නෙත් ඒ ලෝකෙ ඇතුළෙ... අප්පච්චිටත් එහෙමයි... සහෝදර සහෝදරියන්ටත් එහෙමයි..

තනියම ඉන්න වෙලාවට කොහාට හරි වෙලා මං මගේ ලෝකෙට වෙලා කරන කියන දේවල් හිතෙන් කියනවා.

එතකොට මං යාළු වෙලා ඉන්න පිරිමි ළමයා... එයාටත් මං කතා කරන්නෙ එහෙම තමයි අනෙ.....

කොහොම ද දන්නවද...

හැමදාම රෑට මම නිදා ගන්න යන්නෙ නිදි මතක් නැතිව...එහෙම ගිහින් මම කොට්ටෙත් තුරුල් කරගෙන හිතනවා දැන් මං ඉන්නෙ එයා ඉස්සරහ කියලා හරි එයා එක්ක කෝල් එකේ කියලා හරි

එහෙම හිතාගෙන මම එයාට කියන්න හිතන් හිටිය දේවල් එයාගෙන් අහන්න හිටපු දේවල් ඔක්කොම හිතෙන් කියනවා එයා මගෙ ඉස්සරහ ඉන්නවා කියලා මවාගෙන.

එයාගෙන් ප්‍රශ්න අහලා මංම උත්තරත් දෙනවා හිතෙන්..

එතකොට මං ඒ හීන ලෝකෙ ඇතුළෙ අඬනවා හිනා වෙනවා දුක් වෙනවා සැනසෙනවා... එහෙම තමයි ඉතින් මං මගෙ මෙ ගොං හිත හදා ගන්නෙ...

නිකම් කිව්වෙ... පිස්සු කියලා නේද ඔය හිතන්නෙ.... ඔව් ඔව් මට පිස්සු තමයි...

කම්මැලි කමට ටයිප් කරෙ.. ඇත්තටමයි කීවේ ඉතින්...

මං යනො එහෙනම්..බායී ...

_ Av-

@kathalokaya
349 viewsKavi wijesundara , 16:48
باز کردن / نظر دهید
2022-05-02 19:47:05 වැස්ස............

අතීතයේ
නුඹත්, මමත්
දොඩමළු වූ කතා.....

සුළං රැලේ
දැවටීලා
ගියා අහස බලා....

වල අතර
පෙරී තිබුණු
දුකින් පිරුණු කතා....

ගිගුම් දිදී
පොළෝ සිඹී
මහ වැස්සක වෙලා....

#චංකගේ_කවි_හිත...

@kathalokaya
297 viewsKavi wijesundara , 16:47
باز کردن / نظر دهید
2022-05-02 19:46:34
#රෑ_වැඩමුරය

නිදිවැරූ නෙත් කෙවෙනි
මැද කඳුළු සගවමින්
පිටවුණේ නුඹෙ හැඬුම්
අසනු බැරි නිසාවෙන්
කොරිඩෝවෙ කෙළවරක
විඩාබර නෙතු පියන්
දැක ගැස්ම නැවතුණා
මොහොතකට හදවතෙත්

"අනේ මිස් මගෙ..." කියා
විමසද්දි නුඹ මගෙන්
නෑසුණා මෙන් ගියේ
සොයුර වත සගවමින්
සැකක් නෑ දැනටමත්
දන්නවා ඇති නුඹත්
රෑ දිවා දුටු හීන
සුන්වෙලා ගිය බවත්

හිනැහෙද්දි හුරතලෙන්
දඟකාර නිල් නුවන්
වෑහුණා කිරි සුවඳ
නුඹෙ පුංචි දෙතොලඟින්
දරාගනු බැරිව ඈ
සැනෙකින්ම නික්මුණත්
සැකක් නෑ යන්නැත්තෙ
ඈ ලෝබ සිතකින්

පුතේ අම්මා වෙන්න
රුහිරු හිමිකම් නැතත්
සැනසුවා නුඹ හඬන
විට කදුළු පුරවමින්
නුපුරුදුම කිරි සුවඳ
ළැම තුරුලෙ ගුලි කරන්
මුදු මොළොක් නුඹෙ දෙපා
මත තබමි හාදුවක්


චිරන්ති ඉමේෂිකා
30.04.2022
09.18am

@kathalokaya
281 viewsKavi wijesundara , edited  16:46
باز کردن / نظر دهید
2022-05-02 19:45:59
තනි වුනු හිත මගෙ
නුබ ගැන හිත හිත
මා හා ලත වෙනවා..

බිදුනු හැගුම් මගෙ
යලි යලි පාරා
සුසුම් හෙලනවා


Sawani

@kathalokaya
255 viewsKavi wijesundara , edited  16:45
باز کردن / نظر دهید
2022-05-02 19:45:32
මං දන්නෙ නෑ

මං කෝම කියන්නද....
"මට ඔබ නැති හෙටක්...නොගෙවෙන කල්පයක්...එය මට වැඩිය ඔබ දන්නවා..."
මං මේ කරන්නෙ බොරුවක් මැණික..
මට ඒක උඹට කියන්න තරම් හයියක් නැත්තෙ,
මගෙ පණට ත් වඩා මං උඹට ආදරෙ කරන නිසා....
එයාල,අපිට කවදාකවත් මුණගැහෙන්න දෙන්නෙ නැති බව මට කියන්න බෑ ඔයාට....
මොකද මට ඕනෙ,
කොයිතරම් පොඩි වුණත් කෙටිම කාලෙකත් නුඹ එක්ක ගෙවන්න....
මං මේ බොරුවට නොසෑහෙන්න ආදරෙ ඒකයි...

-ආසි-

@kathalokaya
243 viewsKavi wijesundara , edited  16:45
باز کردن / نظر دهید
2022-05-02 19:45:08
මාත්

නුඹ හා බැඳුණේ නුඹත් මා හා බැඳුණ ලෙසමයි...
සාංසාරික ප්‍රේම චාරිකාවෙ,තවදුරට ත්
මා නුඹට පෙම් කරමි....
රාගික නොවූ ආලයක ප්‍රේමය වින්දෙමු...
එකිනෙකා සන්තකයේ නතු වූයෙමු...
නමුත්,සදාකලික
එක්වන්නට වරම් නොලද බව
මා සන්තානයේ දවාලයි....
එනයින් සිතින් පමණක් පෙම් කරමි....
ඒ බව නුඹට නොකියමි

-ආසි-

@kathalokaya
260 viewsKavi wijesundara , edited  16:45
باز کردن / نظر دهید