Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 17

2022-05-14 20:37:36 YARL TV


ජීවිතේ පළවෙනි වතාවට tv channel එකකට news dubbing කරන්න ලැබිච්ච එක පට්ටම සතුටක්....ඒකත් උපන්දිනේ දවසේම වුණාම තවත් හැපි


Thanks my world YARL TV


නිව්ස් කියන්නේ නම් සුපුන් අයියා. යටින් නිව්ස් වල යන ඩබින් voice එක නම් මගේ





239 views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 17:37
باز کردن / نظر دهید
2022-05-14 18:04:12
තනියෙන් පිපෙන මල් වලට තනියට කවුරුත් ඕනෑ නෑ

අපි ලෝකේට එන්නෙත් තනියමනම් ,
ලෝකේන් යන්නේත් තනියෙන්නම්
ඇයි අපිට තනියෙන් ජිවිතේ දිනන් බැරි
තමන්ට තමන් ඉන්නවම් වෙන අය මොකටද ?

තනිකම වෙනයි තනිවිම වෙනයි ,
තනිවිම කියන්නේ අපි හැමෝගෙන්ම ඇත්වෙලා
තනියම ඉන්න එකට ,
හැබැයි තනිකම කියන්නේ හැමෝම එකතු වෙලා
අපිව ඇත් කරන එකට ,

තනිකම විදවන දෙයක් තනිවිම කියන්නේ විදීන
හැගීමක්

ජිවිතේ දිනන්න ජිවිතේ විදින්න ,
හැබැයි තනියෙන් තනියම

C . Keshi

@kathalokaya
251 viewsKavi wijesundara , edited  15:04
باز کردن / نظر دهید
2022-05-14 15:13:27 එක හිතක්..


එක හිතකට ආදරය කරන
ඒ හිත් හරි ලස්සනයි..
මොහොතකින් වෙනස් වෙන හදවත් අතර නොවෙනස් වෙන හිත්
සැබෑ ආදරය පෙන්වා දෙන්නේ ඒ නිසා..
ලැබේද නොලැබේ ද යන්න නොදැන
පෙම් කරන්නේ
ඒ එක හිතකට..
ඉතින් එක හිතකට ආදරය කරන හිත්
සැබෑ ආදරය පෙන්වන
ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් වන්නේ ,,
ඒ නිසා ය...


උමී...

@kathalokaya
258 viewsKavi wijesundara , 12:13
باز کردن / نظر دهید
2022-05-14 12:11:56
දඹ රනින් බඳ නෙලූ
රන මකර පිළිමයක්
ඇස් අන්ධ වන තරම්
විහිදෙනා දිස්නයක්...

රත් මැණික් ඔබ්බවා
කෙරූ නෙත් යුගලයක්
දකින හිත් වෙලා ගත්
ගිනි පැහැති වර්ණයක්...

අතින් අත නැවතෙමින්
කර රුදුරු අනතුරක්
අවසානෙ සුන්ව යන
ශාපලත් නිමවුමක්...

#The_Shan_DK

@kathalokaya
259 viewsKavi wijesundara , edited  09:11
باز کردن / نظر دهید
2022-05-14 12:11:35
ජීව්තේ කිසිම දේකට
කිසිම කෙනෙක්ගෙන්
අගයකිරීමක් බලාපොරොත්තු
නොවන්න
මන්ද යත්
හොද දේ හොදයි කියුමටත්
අඩුපාඩු ඇත්තම්
එය පවසා නිවැරදි කරගන්නා
ලෙස පැවසුමට තරම්
මිනිසුන් නිර්ලෝභි නැත

සමාජය නුඹව විනිශ්චය කරාවි
නමුත් නුඹ නුඹේ ගමන යන්න
මන්ද මිනිසුන්
කිසිදිනක හොද දේ හොද නොදකි
හැකියාව දක්කශතාවය සුන්දරත්වය
අගය නොකරයි
ඔවුන් සැමවිට උත්සාහ කරනුයි
සුදු පසුබිමේ හෝ
කලු තිතක් දැකීමය

࿐Vish࿐

@kathalokaya
234 viewsKavi wijesundara , edited  09:11
باز کردن / نظر دهید
2022-05-14 12:11:14



අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනෙක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුඹ නැතිදාක මේ ජීවන මඟ යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න

මුහුකුරු සෙනෙහසින් හද සරසා දිවිය
පෙම් ලොව දුටුව නුඹදැයි සිතෙනා තරම
රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට
මුව මත ඇදෙන නුඹෙ පෙම්වත් බව අරුම

පැතුවත් තනිව නික්මෙන්නට නුඔට පෙර
මම නැතිදාක නපුරක් නුඔ හට වේද
තුන් සිත දැවී අළු වෙයි එය සිතන කළ
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය


Dew

(අයිතිය මුල් නිර්මාණකරුවන් සතුය)


@kathalokaya
219 viewsKavi wijesundara , edited  09:11
باز کردن / نظر دهید
2022-05-14 12:10:50
හුදකලාවට පුරුදු වු හිතකට බැඳිම් කියන්නේ අකුරු තුනක් ඇති වචනයක් පමණමය...
හුදකලාවට ප්‍රේම කරන්න,බැඳිම් වලට බොහෝ සේ ආශා නොවෙන්න
බැඳිම් ගැන බොහෝ සේ බලාපොරොත්තු නොතබන්න මන්ද බැඳිම් යනු මෙලොව තිබෙන තාවකාලික දෙයක් වන නිසාය....
°°° V. Sandesh °°°

@kathalokaya
221 viewsKavi wijesundara , edited  09:10
باز کردن / نظر دهید
2022-05-14 12:10:22
නෙත ගැටුණු සොඳුරු රුවක් වේ නම්
සිත නිවුණු පිවිතුරු හිතක් එතන ඇත
.
°°° V. Sandesh °°°

@kathalokaya
226 viewsKavi wijesundara , edited  09:10
باز کردن / نظر دهید
2022-05-14 12:09:46
බරම තන පුඩු.....

වන පස මල් පෙති මත
තුහින වැටී පදමට
විරාග රාගික බැල්මක
සෙනෙහස ඇත පුදුමෙට....

අවාරයේ පිපුණු මලක්
පෙම් බඳිනව තුහිනෙට
යට ලීයේ නාරි ලතා
උරණ වෙලා ගහ යට.....

පිපි මල් වල පෙන කැටී
වලවු වත්තෙ සැඟවෙතී
හැමදාමත් ලසෝ මැනිකෙ
ගිනිහල් ගේ මැලවෙතී....

හමිනේගෙ ඇකය මතේ
සිඟිති සිනා මුව ඇසේ
උහුලගන්න බැරිම තැනදි
ලසෝගෙ පුඩු බර වෙතේ....

එන පෝයට මගෙ පුතේ
පිං මල්ලක් ගෙන අතේ
නුඹ බලන්න මං එන්නම්
එතකන් නාඩන් පුතේ.....

#චංකගේ_කවි_හිත...


@kathalokaya
232 viewsKavi wijesundara , edited  09:09
باز کردن / نظر دهید
2022-05-13 15:27:22 රශේන්ගේ අළුත්ම cover එක

" රිදෙන - නොරිද්දෙන කම්මුල් අවුස්සලා"

දැන්ම පහළින් අහලා like කරලා comment කරලා share කරන්න







රිදෙන නොරිද්දෙන Cover by Rashen ft. Ravindu & Rishu
299 views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 12:27
باز کردن / نظر دهید