Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 2

2022-08-27 13:44:34
හීනි පොද සීරුවට රෝස මල් සිඹිනවා
මල් ක‍ළඹ රැඳි දෑත කඳුලු බර දරනවා
තණ පලස මත වැටී ගැටපිච්ච හඬනවා
අතහැරුනු ඔය දෑතෙ සුවඳ මට දැනෙනවා

ඉස්සරම දවසකදි මල් වැස්සෙ මැව් හීන
පේවිලා නුඹ නැතිව නුඹ එක්ක වාගේම
මන්දාරමක් යටදි ඉකිබිඳින හිත එක්ක
මනමාලි මා නුඹේ අද සැරසිලා බෝම

මල් පෝරුවත් බොහොම ලස්සනයි අප මැව්ව
නිලමෙ සළු ගතදැරූ ඔබත් ඇති තේජස්ව
ඔච්චමට මා එක්ක ඉස්සරම වාගේම
සොහොන් කණු අතර දැන් හැංගුනා මදි නැද්ද.............


ලිලී

@kathalokaya
173 viewsKavi wijesundara, edited  10:44
باز کردن / نظر دهید
2022-08-27 13:43:47
අපි හිතාගෙන ඉන්නේ දුක හිතුන වෙලාවට තනියම ඉන්න එක ගොඩක් හොදයි. හිතට සැහැල්ලුවක් කියලා.. එහෙම මටද හිතුන වෙලාවල් ඕනෑ තරම්. හිතේ තියෙන වේදනාව තව කෙනෙක්ට කියලා එයාලව අවුල් කරන්නේ මොකටද මට ඕන තරම් හිතේ නවා එහෙම ....


දුකට අඩන්නේ අනිත් අයට කරදරයක් වෙන්න අකමැති නිසා. තනියම ඉන්නෙ මගේ දුක අහලා අනිත් අයට විහිලුක් වේවි කියන බය නිසා.

ඇත්තටම තනිකම හොදයිද ?

හොදයි ඒත් තනියම ඉන්න කොට හිතේ තැම්පත් වෙලා තියෙන වේදනාව නිතරම පෑරෙනා වැඩි . එතකොට අපි අමතක කරන්න ඕනි කියන දේවල් අපිට කවදාවත්ම අමතක කරන්න බැරි වෙන්න පුලුවන් ..


තව කෙනෙක්ගේ දුකේදි ඇය  හෝ ඔහු කියන දේවල් වලට කාරුණිකව ඇහුම්කන් දෙන්න කෙනෙක් හැම වේදනා විදින කෙනෙක්ට ලැබෙන්න ඕනි .


https://t.me/prab_7

                            Prabuddha

@kathalokaya
175 viewsKavi wijesundara, edited  10:43
باز کردن / نظر دهید
2022-08-27 13:42:11
ප්‍රේමය කියන්නෙම නිර්වචනයක් කරන්න බැරි උත්තරීතර හැගීමක්..
ප්‍රේමයෙන් ජීවිතය විදින්නා වූද විදවන්නාවූද ජීවිතයන්
බොහෝ දැක ඇත්තෙමි...


පින්වන්ත පින්සාර ප්‍රේමයක්..

ඔව් ඒක හැමෝම ලැබෙන්න ඕනි හැගීමක්..

තවමත් නොලැබුනද පින්වන්ත පින්සාර ප්‍රේමයක්..

ලැබේවී  දිනයක පින්වන්ත පින්සාර ප්‍රේමයක්...


"කතාලෝකය" නම් වූ නිර්මාණ ලෝකයක
මගේ කතාවටත් ඉඩක් දුන්නු
ඕනර් සහ ඇඩ්මින් මඩුල්ලට
බෙහෙවින් ස්තූතියි...

කතාංගයන් විස්සකින්
කොටස් විසි එකකින්...
මා සමග සිටි පාඨක ඔබට
බෙහෙවින් ස්තුතිය..


අවසානයේ නැවතත් කියන්නම්...

කිසිම ප්‍රේමයක් පින්වන්ත වන්නේ නැත...එය පින්වන්ත පින්සාර ප්‍රේමයක් බවට පත් කරගත හැක්කේ ඔබටම පමණකි.

_supun Dilshan _

@kathalokaya
181 viewsKavi wijesundara, edited  10:42
باز کردن / نظر دهید
2022-08-27 13:41:23
Art by Jeewanthi

@kathalokaya
182 viewsKavi wijesundara, 10:41
باز کردن / نظر دهید
2022-08-27 13:39:00 Na kuch pucha -  ඔබ කිසිම ප්‍රශ්නයක් ඇසුවේ නැත.
Na kuch manga - කිසිවක් ආපසු ඇසුවේද නැත.
Tune dil se diya  Jo diya - ඔබේ හදවතින්ම සියල්ලම මට ලබාදුන්නේය.

Na kuch bola - එකදු වචනයක් වත් පැවසුවේ නැත.
Na kuch tola - කිසිවරක මා විනිශ්චය කළේද නැත.
Muskura ke diya Jo diya - ඔබ මට සියල්ලම සතුටින් ලබාදුන්නේය.

Tu hi dhoop tu hi chaya -  ඔබ මගේ හිරුයි.ඔබ මගේ සෙවණයි.
Tu hi apna paraya -  ඔබ මගේ මයි. ඔබ මගෙන් කිසිදිනක මැකී නොයයි.
Aur kuch na janun - මේ හැර කිසිවක් මම දන්නේ නැත.
Bas itna hi janun -  නමුත් මෙය එයයි.

Tujh mein rab dikhta  hai - මගේ දෙවියන් මම ඔබ තුලින් දකිමි.
Yaara main kiya karoon -  මගේ පෙම්වත, මම කුමක් කල යුතුද මම නොදනිමි.
Tujh mein rab dikhta hai - මගේ දෙවියන් මම ඔබ තුලින් දකිමි.
Yaara main kiya karoon -  මගේ පෙම්වත, මම කුමක් කල යුතුද මම නොදනිමි.
Sajde sar jhukta hai -  ඔබ ඉදිරියේ වැඳ වැටෙනවාට වඩා
Yaara main kiya karoon -  මගේ පෙම්වත, මම කුමක් කල යුතුද මම නොදනිමි.
Tujh mein rab dikhta hai - මගේ දෙවියන් මම ඔබ තුලින් දකිමි.
Yaara main kiya karoon - මගේ පෙම්වත, මම කුමක් කල යුතුද මම නොදනිමි.

Rab ne bana di jodi haye -  මෙය දෙවියන් විසින් ඇති කල ගැලපිමකි.

ආසම ෆිල්ම් එකක ආසම සින්දුවක්. තේරුම හිතෙන විදිහට ලිව්වේ. කාටත් කවදාහරි හම්බෙන්න ඕනේ මේ වගේ ආදරයක්.
Wiraje


@kathalokaya
186 viewsKavi wijesundara, 10:39
باز کردن / نظر دهید
2022-08-27 13:37:08
"දුම්රිය නැවතුම... "


ආගන්තුක අප
නෙත් හමුවුන තැන
දෙහිතක් එක්වී
පෙමින් බැඳුනු තැන
සොම්නස මුසුකර
මතක මැවුනු තැන
මා අද තනිවම
අසුන් කොනේ...

දුර ගව් ගනනක්
ඇවිදන් ගිය අප
දහස් වතාවක්
හමුවුණු මැදිරිය
නුඹ මා හැරගිය
දුම්රිය නැවතුම
මා තවමත්
ඒ අසුන් කොනේ...

#The_Shan_DK

@kathalokaya
187 viewsKavi wijesundara, edited  10:37
باز کردن / نظر دهید
2022-08-27 13:36:45
මට නුඹවත්,
නුඹට මාවත්,
අපට අපවත්,
තදින්ම අවශ්‍ය බව
හොඳින්ම දැන
එය ප්‍රකාශ නොකර සිටීමත් එක්තරා ආකාරයක
ප්‍රේමයක්ම වෙන්නැති!!


𝒔𝒊𝒕𝒉𝒖𝒖

@kathalokaya
188 viewsKavi wijesundara, edited  10:36
باز کردن / نظر دهید
2022-06-23 19:07:09
පිරිමියෙක් නිවන්න ගැහැණියකගෙ රාගයට පුළුවන් උනාට
ගැහැණියක් නිව්නෙම පිරිමියෙක්ගෙ පපුවෙ

රාගයට පමණක්ම පපුව දෙන පිරිමි අතරෙ
ගැහැණියට නිවෙන්න පපුව දෙන පිරිමිත් ඉන්නව

රාගයේ උමතුවෙන් ගැහැණියක්ව සනසන පිරිමි අතරෙ
ඇගේ වේදනාවන් වලදි අත්නොහැර ඉන්න පිරිමිත් ඉන්නව

වැරැද්දෙන් කුසට ආපු පැටියව
නැති කරන්න පොළඹවන පිරිමි අතරෙ
කොහොමහරි රැකගමු මැණික කියන පිරිමිත් ඉන්නව

උයල දුන්න දේ රස නෑ කියල මරාගෙන කන්න හදන පිරිමි අතරෙ
රස නැතත් දිව බොජුන් වගේ
වලදන පිරිමිත් ඉන්නව

කියන්න පුළුවන් හැමදේම කියල
හිතකෑලි කරන පිරිමි අතරෙ
එක වචනෙකින් හරි ගැහැණියව සනසන පිරිමිත් ඉන්නව

ගැහැණියට ගරහන පොඩිකරන
පිරිමි අතරෙ
ඇයට ගරු කරන පිරිමිත්
ඉන්නව

හැම ගැහැණියක්ම පතන්නෙ ඒ වගේ පිරිමියෙක් උනාට
හැම ගැහැණියෙක්ටම
ඒ වගේ පිරිමියෙක්
ලැබෙන්නෙ නෑ


ඒ වගේ පිරිමි හිත් ලැබෙන
ගැහැණු
ඔවුන්ට ආදරේ කරන්නෙ
මහමෙරක් තරමට

ගැහැණියට ඕනි ඒ පිරිමියව සංසාරෙ පුරාවටම තමන්ගෙ කරගන්න
මුලු ආත්මෙම හැම බවේකම
ඔහුගෙ නමට ම ලියන්න....



කේශි

@kathalokaya
147 viewsKavi wijesundara, edited  16:07
باز کردن / نظر دهید
2022-06-23 15:23:50
මේ අහස යට...
කොහේහරි නුබ දිහා බලාගෙන නුබට නොපෙනෙන්න මමත් ඇති,
ගලායන කදුළුවල හිරවෙච්ච කතාවල පිටු ගනන් මගේ නම නුඹ ලියා තියා ඇති
නුඹ එක්ක හිනාවෙන නුඹට විතරක් අයිති,
මගේ ඇස් කියු කතා තාම නොතේරිලා ඇති
නුඹම විතරක් බැදුණු මේ හිනා හඩ මැද්දෙ නුඹේ නම හිත පුරා මාත් මුමුනමින් ඇති
හද දිහා බලාගෙන නුඹව හොයනා දිනෙක නුඹේ රුව මවාගෙන මාත් සැනසෙමින් ඇති
ආදරේ බර නුඹට තේරෙනා දවසකට නුඹේ අත අල්ලගෙන ඔයා ලග මාත් ඇති

@kathalokaya
209 viewsKavi wijesundara, edited  12:23
باز کردن / نظر دهید
2022-06-23 08:24:41
වේගෙන් දුව දුවා නුඹ යන විට පාරේ

හති ලා පස්සෙ දිවුවා මං ලහි ලහියේ

සංකා බොහෝ ආවත් නුඹ යන පාරේ

මාවත් ඇදන් දුවහන් එක සේ පිම්මේ

*_ Navo_*

@kathalokaya
254 viewsKavi wijesundara, edited  05:24
باز کردن / نظر دهید