Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 4

2022-06-21 12:08:27 ප්‍රේමයේ රසය විඳින්නේ
ටික දෙනය
ප්‍රේමයේ විරහව විඳින අය බෝය

ප්‍රේමයේ දොරටු හැරදා සිටින අය
බෝය
ප්‍රේමයේ දොරටු අගුළු ලා යතුර විසි කල අය ටික දෙනය

ප්‍රේමය පිස්සුවක්
බෙහෙත් නැති පිස්සුවක්
පිස්සුව සුව වෙන්න නම්
ප්‍රේමය අවැසිමයි කෝමත්

Chamathka


@kathalokaya
110 viewsKavi wijesundara, 09:08
باز کردن / نظر دهید
2022-06-21 04:36:10
මන් උබ ගැන හීන දකිනව වැඩිද මන්දා..
දකින හීන හැම එකක්ම බොද වෙනවා කියලා දැන දැනත්..
තාමත් ඇයි මෙහෙම කියලා හිතාගන්න බෑ මට..

මේ ඇස් තාමත් උබව හොයද්දි..
අයිතියක් නෑ කියලා දැන දැනම හදවතත් පිස්සුවෙන් වගෙ කෑගහද්දි...
අනේ මන් දන්නෑ එයාලා මන් කියන දේ අහන්නෑ තාමත්...

හිත කෑගහන තරමට..
හිත අඩන තරමට..
මටත් කෑගහලා අඩන්න පුළුවන් නම්...
සමහර විට හිතේ දුක හරි අඩු වෙන්න තිබ්බා...

ඒත් මන් පොරොන්දු උනා නෙහ් උබටම..
මේ ඇස් වලින් උබ හින්දා කඳුළු වැටෙන්නෙ නෑ කියලා..
ඉතින් කඳුළුත් උබ වගේම හදවතේ තියන්..
ආදරෙන් පරිස්සම් කරන්න මට පුළුවන්..







.... SJ *

@kathalokaya
187 viewsKavi wijesundara, edited  01:36
باز کردن / نظر دهید
2022-06-20 20:36:26
ධවල පාට ඔසරියකින් සැරසී
රන් තැල්ලෙන් නළලත සරසා
ගෙල බැදි සත් මාලා බැබලී
නෙත් කොනකින් ඔබ දිහාව බැලුවා...................

තොල් පෙති නා දලු සේ දිස්වී
මුව පිබිදී සුදු නෙලුමක් සේ
පිච්ච සුගන්දෙන් මා ගත මත්වී
ලස්සන මේකප් ටිකකින් හැඩවී..........................

මනමාලයි ඔබෙ බැල්ම සුදෝ
ආසම රැව්ලට ඔබේ සුදෝ...
රජ ඇදුමින් සැරසී මගෙ සුද්දා
හොර බැල්මෙන් මා දිහාව බැලුවා............

දෑගිලි බැන්දා මුදුවක් දම්මා..
මගෙ සුදු දෑතේ මුදුවත් දිලුනා
කිරිකඩ හේල්ල අම්මට දුන්නා
අම්මගෙ බෑනා අම්මට වැන්දා..

කෑවා බීවා නැටුවා ගැයුවා.....
කොන්ද නමාගෙන දණ ගා වැන්දා.........

පුන්චි සන්දියේ සිතුවම ඇදුනා
අම්ම බදාගෙන හොදටම ඇඩුවා
ජීවිතයේ නව ගමනක් යන්නට
ඔහුගේ අත මා අල්ලාගත්තා.

නපුරු මිතුරු කැල ඔහුටම ගැලපෙන...
මාව වඩාගෙන යන්නැයි
කීවා...........................

යනවිට මගදී ගලක වැදීලා
පය පැටලී අප මහමග වැටුනා
ඌ අම්මෝ මන් මරාන කන්නද
හදන්නෙ මිනිහෝ මන් හූ තීවා

බුදු අම්මෝ අනෙ මගෙ පස්ස
උඩගොස් වැටුනා මා බිමට
අනෙ අම්මා මගෙ අම්ම නෙව..
ඈ අත අතුගානා කොස්ස...

කේශි...

Comment එකක් දාම් යන්න ඉතිම්...කරන්ට් නැති වෙලේ ලීවෙ....

@kathalokaya
59 viewsKavi wijesundara, edited  17:36
باز کردن / نظر دهید
2022-06-20 11:30:38
ඔයා කොහෙද ඉන්නෙ?
ස්වර්ගයේ
විහිළු නෙමේ කොහෙද ඉන්නෙ?
නිරයෙ
පිස්සු කියවන්න එපා මම අපි හැමදාම හම්බෙන තැනට ඇවිත් ඉන්නෙ.කොහෙද ඉන්නෙ?
ස්වර්ගය හා නිරය එකතු වෙන තැන
මනුස්ස ලෝකෙ
මොනාද කියවන්නෙ මාව පිස්සෙක් කරන්නද හදන්නෙ?
ඔයා මාව ඇත්තටම හොයනවද?
ඔව්........හැමදාම......
ඔව් ඔයා හොයන්න.හැබැයි ඔය විදිහට නෙමේ
ඔයා මගේ ආත්මයේ ස්වර්ගයට ආදරේ කරන්නෙ
හැබැයි දන්නවද මගේ ආත්මය තුළ නිරයකුත් තියෙනවා.
පුළුවන්නම් ඒක හොයාගන්න
එදාට තීරණය කරන්න
මම සදහටම ඔයාගෙ වෙනවද නැද්ද කියලා
මතක තියාගන්න කවුරුත් හොයපු නැති ගවේෂණය නොකරපු හදේ අදුරු පැත්තක් තියෙනවා කියලා
මොකද මිනිස්සු අදුරට බයයි
ආලෝකයට කෑදරයි
පදාර්ථයට වඩා ප්‍රතිපදාර්ථය තීව්‍රයි.දරුණුයි

Dark writer-

@kathalokaya
203 viewsKavi wijesundara, edited  08:30
باز کردن / نظر دهید
2022-06-19 20:01:49
හමුවේවි අපි ........

ගල් පඩිපෙලේ ඉදගෙන
හැන්දෑ අහස බලාගෙන
කතා කරපු හැටි මතකද
එදා අපි නතර නොකරම

" හිතන් ඉන්නෙ මම යන්න මෙහෙන් වෙන රටකට "
කියද්දි ඉබේටම
මට බැලුණා
එදා ඔබේ දෙස ..

ආය කවදද මුණගැහේ විද
ඇත්තටම නොදනිමු අපි දෙදෙනාම
" කවද හරි මුණගැහේවී විස්වාසයි මට "
එදා බොරුවට නෙමෙයි කිවුවෙ
මම ඇත්තටම....

යන්න සැරසෙද්දී එදා
මම ඔය ඇස් දෙක
කියෙව්වා නිකමට
දැනන් හිටියා මන්
නොකීවට ඔබට
කියා ගන්නට බැරි
වුණ ඒ රහස

.........................................
කොපුල සීතල වුණ නිසා
ගැස්සී අවදි වුණෙමි මම
මටත් නොදැනීම මම
ගිහින් අවුරුදු පහක් පස්සට
අදටත් මට විශ්වාස යි
හමුවේවි අපි නැවත විගසින් ම .


Abhi Dissanayake
" අතීතයේ අපිට අහිමි වූ ඇතැම් දේවල් වලට අසීමාන්තික ව පෙම් කරමු ..."

@kathalokaya
252 viewsKavi wijesundara, edited  17:01
باز کردن / نظر دهید
2022-06-19 17:22:26
අල්ලන් යන්න බැරි අතක්..
අරගෙන ඇවිද බොහෝ දුරක්..
හංගා මතක හුස්මෙ තියන්..
තනිවීම ප්‍රේමයක්...


හිමිකමක් නෑ කියලා දැන දැනම
ළං වුණේ ඔය හිතටමයි...
මොනා වුනත් ඔය හිතෙත් තියෙන්නැති
පුරෝපු ආදරයක් මන් වෙනුවෙන්ම...
නොකීවට ඔයත් දකින්නැති
හීන කෝටි ගාණක් හැබෑ කරගන්න ආසාවෙන්...
තව කෙනෙකුට අසම්මත වුණත්
අපේ හිත් වලට සම්මත ඇති මේ ප්‍රේමයත්...


අපි පතනා ජීවිත සමහර තැන්වල
මුණ ගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වන්නේ
හිමි වීමෙන් නොව අවසානේ...



මම ආස කරන කෙනා ඔයා වුණත්...
මම පතපු හීන ලියවුණේ ඔය නමට වුණත්...
ලෝකෙටම හොරෙන් අපි ආදරේ කරන්නැති වුණත්...
මේ හමුවීම හිමි වීමකින් අවසන් නොවේවි කවමදාවත්...




.... SJ *

@kathalokaya
102 viewsKavi wijesundara, edited  14:22
باز کردن / نظر دهید
2022-06-19 13:38:06
වැහි රැලි වැටෙන තාලෙට
මං හැඬුවා නම්

සීතල දැනෙන තරමට
මට රිදුනා නම්

පාවෙන වලාකුළු මෙන්
හිත දිවුවා නම්

තාමත් හීනි හිරියක් යයි
හිත පතුලෙන්


_Navo _

@kathalokaya
155 viewsKavi wijesundara, edited  10:38
باز کردن / نظر دهید
2022-06-19 09:59:29
ඇයගේ දිනපොතෙන් කොටසක්...

තාත්තේ,
අද තාත්තලාගේ දවසලූ...
සමහර අය එයාලාගේ තාත්තාගේ ෆොටෝස් දානවා...
මං දන්නේ නෑ තාත්තේ...
ඔයා කවුද කියන්න මං දන්නෑ...
ඒ ආදරේ කෝමද කියන්න මං දන්නේ නෑ...
ඒ ආදරේ මට කවදාවත් දැනිලාත් නෑ...
ඔයාව මං දැකලාත් නෑ...
තාත්තා කියන අකුරු තුන විතරයි තාත්තේ මං දන්නේ...
සමහර අයගේ තාත්තලා මැරිලාලූ...
සමහර අයගේ තාත්තා එයාලාව දාලා ගිහිල්ලාලූ...
අපේ අම්මාගෙන් මං ඇහුවාම ඔයා කොහේද කියලා...
එයා මොකක් ද දන්නවාද කියන්නේ...
ඔයා අර අහසේ තරුවක්ලූ...
ඔයා අපි දිහා බලාගෙනලූ ඉන්නේ...
ඇත්තද තාත්තේ ඒක...
ඔයාට ඇහෙනවාද මං කියන ඒවා...
තාත්තේ ඔයා තව දෙයක් දන්නවාද?
මාත් ආසයි මගේ යාලුවෝ තාත්තාගේ අතේ එල්ලිලා ස්කෝලේ එනවා වගේ ස්කෝලේ එන්න...
එතෝට මං හැමෝටම කැගහලා කියනවා මේ ඉන්නේ මගේ තාත්තා කියලා...
ඔයා මාව එහෙම එක්කන් යනවා නේහ්ද තාත්තේ...
ඔයාව දැකලා නැති උනාට මං ඔයාට ගොඩක් ආදරෙයි තාත්තේ...

එම සිතිවිලි අප දකිනා තරම් සොදුරු නොවෙයි"


#sayu

@kathalokaya
196 viewsKavi wijesundara, edited  06:59
باز کردن / نظر دهید
2022-06-19 08:59:32 රෝසමල් පිපුණු වත්තක
තනිවුණ පිච්ච මලක්..
සුවද විහිදුවත් කොතරම්
දැනුනේ නෑ කාටවත්
පෙනුණේ හැමෝටම
පිච්ච මලට හිමි නැති
රෝස මලේ ලස්සන..
කොතෙක් පිවිතුරු වුවද එය
සැමගෙ නෙත් ඇදුනෙ
කටු රෝස මල්වලට,
කවුලු දොර ලග ඉදන්
රොසමල් දෙස බලන
හුරුපුරුදු ඇස් දෙකට
පිච්ච මලේ පිවිතුරු සුවද
හාදුනා ගන්න හැකි වීද?
නොහැගෙනු ඇති ඒ හිතට
වශී වී නිසා රෝස සුවදට
ඇවැසි නොවේ තරඟ කෙරුමට
හැඩකාර රෝස මල් සමඟ
ඉතින් අවසර පිච්ච මලට
පරවී යන්න....
තනිවුනු ලෝකෙන් ඈතට

Dilna

@kathalokaya
194 viewsKavi wijesundara, 05:59
باز کردن / نظر دهید
2022-06-19 08:59:02
ඇතුගල අහස යට මුමුණාපු පෙම් වදන්..

රන්තාලිය වැව ළඟ දුන් හීන වරු ගණන්.

දුර ඈත අත් පටලන් පෙමින් ඇවිද ගිය උමං මං..

කෙලෙස අමතක කරන්න ද මන් නුඹේ පෙම රත්තරන්..


කාලෙකින් වැටුණු වැස්සට තෙමුනා මතක ද දවසක්..

මා දමා නුඹ යන වග කීව හැටි නම් පුදුමයක්..

නැවත හැරී යන නුඹ දෙස බලන් සිටියෙ කඳුළු හිරකරන්..

තවම මා ඉමි ඇතුගල පාමුළ නුඹ දුන්නු පෙම සිහිකරන්..



.... SJ *

@kathalokaya
189 viewsKavi wijesundara, edited  05:59
باز کردن / نظر دهید