Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 10

2022-05-31 12:09:43 A cold shower,
a cup of hot coffee,
and books,
another lonely day
that lingers alone
with our memory,
a dream you
embraced......

Fdo........

@kathalokaya
80 viewsKavi wijesundara , 09:09
باز کردن / نظر دهید
2022-05-31 12:08:14
තනි වූ ප්‍රේමවන්තයෙකි අද නුඹට මම

නැති ද වරමක් අප දෙදෙනා හට
යළි පෙම්වතුන් වී එක් වෙන්නට
දුකක් දීලා යන්න හැකිදැයි නුඹට
ඇසුවා මම මගෙ හිතට තට්ටු කර ....

හැකිය කවි පද ලියන්ට නුඹ ගැන
නොදනිමි දෙන්ට අරුතක් එය ගැන
සිතේ ඇදුනත් නුඹෙ රුව හැමදින
අයිතිය ගිලිහි ගොස් ඇත නුඹ ගැන ....

ආදරේ ගැන නුඹ කියාදුන්
පාඩම හරි ගැඹුරුයි
වෙන් වෙන්නට තරමින් නුඹ හට මාගෙන්
වුනු වැරැද්ද ගැන නැහැ තව මම දන්නෙ ....

පවසා යන්නට හැකි නම් වැරැද්ද
හැකි වේ මට එය සාදා ගන්නට
යළි භවයක ඉපදී අප දෙන්නම
පතනෙමු වෙන් නොවනා ලෙසටම ....

නිහඬ වෙන්නෙම් අපෙ මතක හිත යට සගවාගෙන
තනි වූ ප්‍රේමවන්තයෙකි අද නුඹට මම ....

සමාධි

@kathalokaya
76 viewsKavi wijesundara , edited  09:08
باز کردن / نظر دهید
2022-05-30 19:18:19 ඒක පුස්තකාලයක්......
උසම උස රාක්ක
පුස් බැදුණු පොත්...
පරණ පොත් වල සුවද...
නහය සූරන් මොලෙ ඇතුළටම යද්දින්
අලුතින් ආව පොත් වල තීන්ත සුවද පරණ පොත් වලට සරදමට හිනා වුනෙ
දවසකට කලින් ඔයා මට හිනාඋනු විදියටමයි කියලා මට හිතුනෙ
කියවලා ඉවර කරලා තිබුණත් අමතක කරන්න බැරි ලස්සන සමහර පිටු ඒ කතාව ඇතුළෙ තිබුණයි කියන එක දියසලකුණකටත් වඩා හොදට මගේ හිත ඇතුලෙ තිබුණු නිසා වෙන්න ඇති.....

සමහර පොත් රාක්ක ඇතුලෙම හැංගිලා හිටියෙ කවමදාවත් අලුත් හුස්මක් එක්ක ජීවතෙ පටන් ගන්න ඕනී නෑ වගෙ...
මොන එකකටද මන්දා මේවා දැක්කම මටත් හිතෙන්නේ ...
ඒ කතාව මටම ලියලයි කියලා...
තීන්ත සුවද ආභරණයක් කරන් දගලන අලුත් පොත් මට මතක් කරන්නෙම ඊයේ හැන්දෑවේ ඔයාගෙ අතේ එල්ලිලා ගිය සුරංගනාවීව....

අලුත් පොත් මගැරලා යන්න ගියා උනත් ආයෙම මාව නතර උනෙ කලබල දුඹුරු ඇස් මට මුණුගැහුනු තැන....
සාහිත්‍ය පොත් විතරක්ම පිරුණු රාක්කෙක
බෝතල් අඩි ලොකු කණ්ණාඩි දෙකක් එක්ක
දූවිලි නාගෙන හිටිය ඔයා....

ලස්සනයි...ඔව් හුගක් ...ඒ රාක්කෙ ඉස්සරහම මම ආයෙම ඒ සිදුවීම හිතෙන් ඇන්දා...... .
හ්ම්ම්...හිනා රැල්ලක්...මූණෙ මටත් නොදැනීම...
දූවිලි වලින් පිරුණු වීදුරු ජනේලෙන් මම මාවම දැක්කා...කාලෙකට කලින් එතන තව කෙනෙක් උන්නා..මට පිටිපස්සෙන්...ලොකු කණ්ණාඩි දෙක....
ඒ ඔයා......

පුස්තකාලය....අපූරු මතක ගොඩක් මට ඉතිරි කරපු එකම තැන....
ප්‍රේමණියම අහස අනිත් අයට නුවර අහස වෙද්දින්...
මට ප්‍රේමණීය වුනෙ පුස්තකාලෙ.....
සාම්ප්‍රදායික අහසක් යට නොවුණු හින්දද දුඹුරු ඇස් ඔයත් පුස්තකාලෙන් එලියට බැහැලා ජීවීතෙ විදින්න ගත්තෙ......
ම්......
මම නැතුවම.....

Silly_girl03

@kathalokaya
177 viewsKavi wijesundara , 16:18
باز کردن / نظر دهید
2022-05-30 16:15:51
To my love....
You know dear
This is too much
May be you don't know
But.....
Still I think about you
Care about you
And also still
I love you
Than another days ..
Without any special reason...

Silly_ girl03

@kathalokaya
43 viewsKavi wijesundara , edited  13:15
باز کردن / نظر دهید
2022-05-30 16:14:33
පුංචි මල් කැකුළකි ඔබත් ..
පියා මව තුරුළේ සිනහවෙන් නිවසම එළිය කරවූ....

හිතන්නැති ඔබේ අම්මා වෙනදා වගේ ඔබ නැවත දිව පැමිණෙයි කියා...

ලස්සන හිනාවක් තියෙන්නැති දඟ කරන්නැති හුරතල් වෙන්නැති ඔබත් .....

තිරිසනුන් සිටින පිංබර යැයි කියන රටේ සැඟවුනා ඔබ මඬ වගුරක...

දැක නැතත් අසා නැතත් ඔබේ නික්ම යාමෙන් ඉනුවා කඳුළු අපේ නිවසෙත්...

නිවන් සුව පතමි නැවත තිරිසන් ලොව ඉපදීමක් නොවේවා නැගනියනි ඔබ...


Nimmi

@kathalokaya
43 viewsKavi wijesundara , edited  13:14
باز کردن / نظر دهید
2022-05-30 16:14:10
අහලා තියෙයිද ලස්සන ආදර කතා ගැන..

දැකලා තියෙයි ද ලස්සන ආදර කතා..


හීන දැක්කා ද...

ඒ වගේ ආදරේ කතාවක් දවසක ඔයාගේ කරගන්න..

හ්ම්....

මාත් දැක්කා ලස්සන හීනයක්...

මාත් හෙව්වා ලස්සන ආදරයක්...



හොයාගෙන යද්දි මටත් හම්බ වුනා ආදරයක්,,,

ඒත්,, ඒ ආදරේ

ලස්සන වත්
සුන්දර වත් වුනේ නෑ...

තිබ්බේ තනිකරම බොරුව,, වංචාව..


දරාගන්නේ කොහොමද බං...

මං හීන දැකපු මගේ ආදරේ මට නොලැබුනා මං..

කොහොමද බං ඉවසන්නේ..

කොහොමද තවත් කෙනෙක්ට ඉඩක් දෙන්නේ බං මේ හිතේ...



මං හිතපු තරම් ආදරේ සුන්දර නෑ බං...

සුන්දර ආදර කතා තියෙනවා..

ඒත් ඒකටත් පින තියෙන්න ඕන බං
ලස්සන ඕන බං..
සල්ලි ඕන බං..

අපායට ගහපු කැලැන්ඩරේ වගේ ඉන්න,
යහමින් සල්ලි අතේ නැති..

අපිට කොයින්ද බං ලස්සන ආදර කතා....




තේරුම් ගත්තා බං මං,,,,,,

ටීවී එකේ දැකපු ලස්සන ආදර කතා අපිට උරුම නෑ බං..


එපා බං බොරු හීන ලෝක...

ඕන නෑ ලස්සන ආදර කතා...



ඕන මෙච්චරයි බං,,,,




කාත් කවුරුවත් නැති දුර ඈතකට ගිහින් තනියම නිදහසේ ජීවත් වෙන්න...


දැන් දකින හීනේ එකම හීනේ ඒකයි....


නවතින්නම් ඉතින් මං ලස්සන ආදර කතා හීනලෝකෙට සමු දීලා.....






Lakshi

@kathalokaya
41 viewsKavi wijesundara , edited  13:14
باز کردن / نظر دهید
2022-05-30 16:13:35
ක්‍රශ් එක උඹ නම්

විටෙක සිනැස්සු
තවත් විටෙක අඩවපු
විටෙක සැනසු
තවත් විටෙක තරහ ගස්සපු
⁣විටෙක පරිස්සම් කරපු
තවත් විටෙක රැවූ
උඹ නම් මහ පුදුමයක් බන්....

උඹේ නම්බර් එක ගෙන
උඹට මැසේජ් එකක් දැම්මා
උපන්දිනේට සුබ පතන්න
ඒත් උඹ මාව දන්නේ නෑ කීවා
එදා උඹ එහෙම කීවම සත්තයි
මැරෙන්න හිතුනා පණ
ඇයි බන් එහෙනම්
මාව උඹ කොල්ලන්ගෙන් වගේම
හැම දේකින්ම පරිස්සම් කරේ ඇයි
මට මෙහෙම දුක් දෙන්නද...

එහෙම කරපු නුඹ
මාව නොදන්න ගානට මැසේජ් කරද්දි
මම මොනා කරන්නද
නුඹව කොහොම අමතක කරන්නද බන්
උඹ කොහොමද බන් මාව අමතක කරලා
ඉන්නේ මටත් කියපන්
මමත් ඒ විදියට උඹව
අමතක කරලා
සතුටින් ඉන්නම්
උඹට සතුටින් ඉන්න පුළුවන් නම්
ඇයි මට බැරි සතුටින් ඉන්න....

උඹට පිස්සෙක් වගේ ආදරේ
කරානේ බන්
ඒකයි උඹව අමතක කරන්න
බැරි
කමක් නෑ උඹේ මතක එක්ක
හැමදාම ජීවත් වෙන්නම්...

නමුත්.
එක් දවසක මා
දැන ගත්තා උඹ තවකෙකු⁣ගේ
අයිතිකාරයෙක් කියලා
සත්තයි පණ පපුව රිදුම් දුන්නා
උඹ කොහොමද බන්
එහෙම කරේ මට...

කමක් නෑ බන්
උඹේ සතුට ඒක නම්
මමත් උඹ දිහා බලන් සතුටු වෙන්නම්
කවදාවත් නෑ ඔයාලා අතරට
තුන්වැන්නෙක් වෙන්නේ...

එකම එක පාරක් මට නුඹව
බලා ගන්න ඇත්නම්
සත්තයි ආයේ කවදාවත් මම
නුඹව පතන්නේ නෑ...
39 viewsKavi wijesundara , 13:13
باز کردن / نظر دهید
2022-05-30 16:13:07
දන්නවද මැණික ...

නිදිමරාන මන් දකින හැම හීනයකම උබ කොනක හරි ඉන්නවට මන් හරි ආසයි..
මට ඕනි උබව මේ හිතෙන් මරලම දාන්න
ආයේ පන අදින්න බැරි වෙන්නම
ඒත්
උබ මට විදවීමක්ම විතරයි කියලා දැන් දැනත්
තාමත් උබ මට මත් ද්‍රව්‍යක් වගෙයි මැණික
මට මාවවත් පාලනය නොවෙන තරමට
ඒත් මැණික මට බෑ නේද අහසට ගිහින් හදට තුරුලු වෙන්න
හැබැයි දන්නවද මට පුලුවන්
උබව මතක් වෙන හැම මොහොතකම
මේ වගේම .....
මගේ පන්හිදට
තවත් එකින් එක කවි එකතු කරන්න...


මේ උබ නොදන්න මගේ ප්‍රේමය..


Bhagi..


@kathalokaya
44 viewsKavi wijesundara , edited  13:13
باز کردن / نظر دهید
2022-05-30 16:12:31



හැමදාම මට උරුම මේ ලෙස මඟ බලා හිඳුමද පුතේ
එදා වාගෙම අදත් නුඹ විතරයි මගේ ලෝකය වුණේ
උඹේ ලෝකේ සුන්දරව ඇති දන්නවා මම මගෙ පුතේ
මොහොතකටවත් මතක් වෙනවද නුඹේ අම්මා කිසි දිනේ

ඒ කාලෙනම් අම්මා හැර වෙන කෙනෙක් හිටියද නුඹෙ ලොවේ
පුංචි දේටත් ළඟට ඇවිදින් තුරුල් වී උන්නා අනේ
උස් මහත් කෙරුමට නොකළ දේ නැතුව ඇති තව මගෙ ලොවේ
අම්මා විතරක් නෙවෙයි නුඹ හට පිය සෙනෙහසත් මම පුතේ

දන්නවා නුඹෙ තාත්තා හිටියනම් අද මගෙ ළඟ පුතේ
විඳවන්නෙ නෑ මේ තරම් මම තනිකමක් නෑ මට මෙසේ
මාසේ අන්තිම දවසෙ උඹ මට සල්ලි එව්වත් හැම සැරේ
ආදරේ ගන්නට හැකිද ඒ සල්ලි දීලා කිසි දිනේ

මතක ඇතිනම් මාව මොහොතක් නුඹේ ඔය හිත ඇතුලෙ ම
අනේ එනවද පුතේ මම තවමත් බලං ඉන්නම් මඟ
මැරුණ දවසට මිනිය ලඟ හිඳ කොයිතරම් හැඬුවත් උඹ
දැනේවිද පුත නුඹේ හිත තුළ ඇති සෙනෙහෙ මට එදාට


Dew

@kathalokaya
46 viewsKavi wijesundara , edited  13:12
باز کردن / نظر دهید
2022-05-30 16:11:56
අයිස්ක්‍රීම් ලොරියේ හඩ ...
නිමේශයකුදු නොයවා ...
මුවග සරසයි සිනා පෙලකින් ...

මිහිරි වූ දසුනින් මිහිරි නොවන බවට...
හොඳම නිදසුනයි හිම ක්‍රිමය ...

මුවගට දැනෙනා මිහිරියාව ...
මුතු ඇටවලටත් මිහිරිමද?

ප්‍රතිරූපය විනිවිද දැකුමට ...
බලන නෙත නොව බලන හදවත වෙනස් කිරීම නුබටම භාරකරමි ...

☆~ Anujana ~☆

@kathalokaya
48 viewsKavi wijesundara , edited  13:11
باز کردن / نظر دهید