Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 9

2022-06-03 14:55:08
ඔහු..ජීවිතේ බිංදුවෙන් පටන් ගත්ත පිරිමියෙක්..

"මන් වැඩිය කතා නොකරන එක ඔයාට ප්‍රශ්නයක්ද..?" එයාගෙ හිතේ හැම වෙලේකම වැඩ කරපු ප්‍රශ්නයක්..

"ඔයා සයිලන්ට් උනාට මන් ඒකට ආසයි.."ඒ වෙලාවට මගෙ උත්තරේ..

මට මතකයි එයාගෙ කටේ හැම වෙලේම තිබ්බා..

"ඔය විදියට ලස්සනට හිනාවෙලා ඉන්න..හැමදේකටම මන් ඉන්නවනෙ.." කියලා..

ඒ දවස් හරි ලස්සනයි..

එයා ආස උනේ බැංකුවක මැනේජ(ර්) කෙනෙක් වෙන්න..ඔව් එයා ඒ තැනට ආවා..මන් තරම් සතුටු වෙන කවුරුත් නැතුව ඇති..මොකද..මන් තරම් එයාගෙ ආසාව ගැන දන්න කෙනෙක් නැති තරම්..

අවුරුදු අටක්..අපිට අපිව අතෑරිලා එච්චර කාලයක් ගිහිල්ලා..හීනයක් වගේ..

"අපි දෙන්නා මේ යන ගමන ලේසි නෑ..හොඳම දේ මෙතනින් නවතින එක..මන් ආස නෑ ඔයා අඬනවා බලන්න.." අන්තිමට කලුතර බෝධිය ගාවදි නළල ඉඹලා එයා කිවුවා..

මන් හිතන්නෙ එයා හරි..

ඉතින්..අපි දෙන්නා අපේම පාරවල් දෙකක..දැන් හැමදේකටම එයා මන් ලඟ නැති උනත් ඉස්සර මතක හරි පරිස්සමට හිතේ තියාගෙන එයා කියපු විදියට හිනාවෙලා ඉස්සරහට යනවා..

ඒත්..මට උවමනාවක් නැති උනාට..අදටත් ඉඳලා හිටලා හරි සම්පත් බැංකුවට ගිහින් පෝලිමේ ටික වෙලාවක් ඉඳලා එනවා..

#Hasii..

@kathalokaya
230 viewsKavi wijesundara , edited  11:55
باز کردن / نظر دهید
2022-06-02 19:48:57 ප්‍රේමයේ අදි මාත්‍රාව,
විටක හද නිවන....
විටක හද සනහන....
අමුතු හැගීමක්
ගෙවුනු අතීතයත්
ගෙවෙන වර්තමානයත්
ගෙවෙන්නට ඇති අනාගතයත්
එක්ක ජීවිතානුබද්දයක්...
ආත්මය වෙලාගෙන ඇති ඒ ප්‍රේමය
සිරුරු දෙකක එකතුවක්.......
තව තවත් බලා හීදීමක්.......

Fdo.......

@kathalokaya
271 viewsKavi wijesundara , 16:48
باز کردن / نظر دهید
2022-06-02 18:49:27 මා නුබට පද ගලපමි....
නුබ මා ලග නැත,
ලග පාතකවත් නැත
කම්නැත......
මා
තව තවත් පද ගලපමි...
හමුවන දිනයක......
කියනවු මැන සොදුරිය
ගෙතෙන පදවැල් නුබට......
අකුරින් අකුර.......

Fdo........

@kathalokaya
271 viewsKavi wijesundara , 15:49
باز کردن / نظر دهید
2022-06-02 18:48:34



හිත තවත් රිද්දුවත්
නුඹ ඈත හිඳම
කොයිතරම් කාලයක්
ඉවසම්ද මෙහෙම
බලෙන් මේ හිත අරන්
හොරෙන් විසිකරම
තව හිතක් අද්දරට
නුඹ ගියේ කොහොම

මතකයන් මැරුණු බව
මගේ හිත කීවත්
ඒ මතක කොහොම
හැර යන්නදෝ මෙතුවක්
අසරණව නුඹ එතැයි
මඟ බලමි තාමත්
බලෙන් ගත් මගේ හිත
දෙන්න නුඹ නාවත්

නුඹ නොමැති මතක මගෙ
හිත තවත් දවන
පව් නැද්ද මගේ හිත
තවම මඟ බලන
මඟ බලන් සිටියමුත්
කිසිදාක නොඑන
මැදියමේ මැකිල යන්නෙම
මැරුණු හීන.....


Dew

@kathalokaya
246 viewsKavi wijesundara , edited  15:48
باز کردن / نظر دهید
2022-06-02 18:45:25
"කිඳුරු පෙම... "

හදවත... :

සුදු පිච්ච මල් සුවඳ
නාස්පුඩු මත්තේ...
තැවරෙද්දි රහ දුන්න
විහඟ නද මැද්දේ...
සියුමැලිව ගලන් ගිය
දිය දහර අස්සේ...
කිඳුරියකදෝ නෙතට
ඉඟි එවනු දැක්කේ...


මොළය... :

දිය ගැටුනු
තැන හුස්ම
ගිලගන්න හින්දා...

ලතැවුනෙමි
පිහිනන්න
නොම දන්න හින්දා...

කිඳුරු පෙම
උරුමයත්
මට නොවෙන හින්දා...

හිත අරන්
යමි නැවත
මට අවැසි හින්දා...

#The_Shan_DK

@kathalokaya
236 viewsKavi wijesundara , edited  15:45
باز کردن / نظر دهید
2022-05-31 20:02:31
_____

තවතිසා හීන උඩ
රෝස ම් සිපගත්

සෙනෙහසේ උසම කඳු
දෝතටම අරගත්තු

පේ වෙලා හදවතේ
හොඳම තැන වහගත්තු

ඉතින් ඔව් ඒ තමයි
ප්‍රේමයේ මහා දළ ඇත්තු

___ ____

~R.L.Savindi~
@Savi_RL

@kathalokaya
47 viewsKavi wijesundara , edited  17:02
باز کردن / نظر دهید
2022-05-31 16:13:50 සැළකිය යුතුයි


කතාලෝකය ප්‍රධාන චැනල් එකේම තවත් එක චැනල් එකක් විදිහට පටන් ගත්ත The Life චැනල් එක පටන් ගන්න ලොකුම හේතුව නිසදැස් ලියන්න ,චිත්‍ර අදින්න දක්ෂ අයට එයලගේ දක්ෂතා පෙන්නන්න තැනල් හදලා දෙන්න තිබ්බ උවමානවට. අද වෙද්දී චැනල් එකේ මෙබර්ස්ලා ඉන්නවා දහස පන්නලා.හැබැයි රචකයන්ගේ මහන්සියට කමෙන්ට් දාන අය ඉන්නේ අතළොස්සයි..අතළොස්සයි කියන්නත් බෑ ඒකට දාන්නේ නැතිම තරම් කමෙන්ට් එකක්. නියම රසවිනදනයක් තියන කෙනෙක් දෙන්නෙක් විතර්‍යි ස්ටිකර් එකක් හරි දාන් යන්නේ..

වීව්ස් නම් සෑහෙන්න තිබ්බට රියැක්ට්ස් ප්‍රමාණයත් සැළකිය යුතු ගානක් තිබ්බට කමෙන්ට් එකක් දාන්නේ නැති උනාම රචකයන් නිර්මාණ එවන එක අඩු කරනවා..නියම වටිනාකම දෙන්න දන්නේ නැති නිසා.

සමහර නිර්මාණ වලට රියැක්ට්ස් තියනවා විස්ස විතර පන්නලා එහෙම වගේම කමෙන්ට් තිබ්බනම් ඒක ඒ රචකයාට කොච්චර සතුටක්ද.

ඒ නිසා මෙහෙම කියන්නේ රචකයන්ට සාධාරණයක් වෙන්න ඕනේ නිසා..ඔයාලා නිර්මාණය රසවින්දනම් කමෙන්ට් එකක් "ලස්සනයි " කියලා හරි දාගෙන යන්න කාරුණික වෙන්න..


‍@kathalokaya
135 viewsKavi wijesundara , 13:13
باز کردن / نظر دهید
2022-05-31 14:50:46



#ගැහැනිය#
විඳින දුක් අපමණය
ජීවිතයම කැප කරන්නේ අනුන්ටය
දුක පමණක්ම උරුම,
සතුට නොහඳුනන
ගැහැනිය,
කොයිතරම් අසරණ ද?
පිරිමි හිත් ළඟ දණින් වැටී
ඉල්ලිය යුතුද අයිතිය
ප්‍රාණියෙකි ඇයත්
ලේ මස් ඇට නහරවලින් තැනුණු
විඳිය යුතුමද දුක
සතුට උරුම නැතිද ඇයට
හිමිවිය යුතු කිසිවක් නැතිද
උපත - මරණය පමණද හිමි ඇයට
දරාගන්න පුළුවනි ඇයට හැමදේම
ඇයවන් තවත් අය බිහි කෙරුමට මේ ලෝකෙට
නමුත් ඇය සිතින් කොතෙක්නම් පතනවා ඇතිද
උපදින අය ඇය මෙන් නොවන්නට
සතුට යනු හිස්තැන් පමණක්මය ඇයට
දිය යුතුය ඇයට සැනසීම
කවදා හෝ හිනැහීමට
ගැහැනිය අද මෙන්ම හෙටත්
ඇවිද යනු ඇත සසර පුරාවට
සතුට යදිමින්ම.......


Dew

@kathalokaya
21 viewsKavi wijesundara , edited  11:50
باز کردن / نظر دهید
2022-05-31 14:49:55



අතීතයෙ මගේ සිත කොයිතරම් සැනසුවත්

මට අයිති ආදරය වෙන අයෙකු ගෙන ගියත්

මට ලැබුණු ඒ පෙමට මම සිතින් පෙම් කළත්

ලබාගත නොහැකි තැන අත්හැරීමත් ප්‍රේමයක්


Dew

@kathalokaya
21 viewsKavi wijesundara , edited  11:49
باز کردن / نظر دهید
2022-05-31 14:49:36
නොරිකෝට

නොරිකෝ නුඹ වෙනුවෙන්ම
මම මග බලමි...
සං කියා කෑල්ලක් දාගන්න
බොහොම මහන්සියි මට
තවම චං නිසා මම
දොවොන්දරා නුඹට බොරු කළා
ඌ එවෙලෙට හිනැහුණා බොරුකළා හැංගුණා
උඹ බලන් උන්නා මළගිය කතා හංගන්
නුඹ පසට පොහොර එක්කළා
ඌ කතා විස්තර කළා
අපිව පාඨකයො විචාරකයො කළා
නොරිකො උඹ වැළලුණා මියගියා
දෙවොන්දරා මියගියා ඒත් නොමැරුණා
අමරණීය වුණා පෙරේදත් මට හමුවුණා
ඌ ඇන්ද චිත්‍රවල උඹ මතුවුණා
ඌ වැළපුණා උඹ ගැන කියා
මන් පෙළඹුණා ඒ සිතු විඳින්නයි කියා
අහගන්න ළඟට යද්දිම
උඹේ දෙවොන්දරා බසයක නැගලා ගියා
උඹේ ඌ තුළින් මට මගෙ එකා දිස්වුණා


දුල් බණ්ඩාර

@kathalokaya
23 viewsKavi wijesundara , 11:49
باز کردن / نظر دهید