Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 11

2022-05-30 11:51:41
YARL TV NEWS වල මගේ presenting එක කැමති අය පහළින් බලලා like එකක් comment එකක් දාන්න


full video - https://fb.watch/dkfhUWOIbo/


@kathalokaya
57 views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 08:51
باز کردن / نظر دهید
2022-05-29 19:01:47 SPECIAL

මනීශාගේ අළුත්ම cover එක තරු නදුන් mix and mastered කරපු මම video එක හදපු vaseegara සිංදුව පහළින් හැමෝම බලලා like එකක් comment එකක් දාලා අදහසක් දෙන්න




192 views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 16:01
باز کردن / نظر دهید
2022-05-28 16:29:13


ගෙයක දොරකඩේ තියෙනා පුටු දෙකක
බලන් ඉන්නවා වයසක වූ දෙපළ
මා දුටුවිට හනික ඇස්දෙක පොඩිකරම
බැලුවා මහලු ඒ දෙදෙනා එකවරම

සිතුණා යන්න ඒ දෙදෙනා ළඟට මට
විමසන්නට කිමදැයි මඟ බලන රුව
හෙමිහිට ගියා මම ඒ ගේ දොරකඩට
පෙනුනේ අනේ එකම දෙයයි මට එවිට

සුදුවන් නොවූවත් ලස්සන දත් දෙපල
පෙන්වා සිනාවූවා සිත උණු කරම
"ඈදි ගන්න නෝනේ ආ මේ මෙතන "
දුන්නා පුටු කබලක් මට හනි හනික

විමසූ විටදි මා ආ ගිය කරුණු පෙමින්
තරගෙට මෙන් පිළිතුරු දෙනවානෙ ඉතින්
හුඟ කාලෙකින් නොවැ කවුරුත් ආවෙ ඉතින්
හරි සතුටක් ඇති බව කිව්වානෙ සැනින්

විගහට තියන්නං උණු වෙන්නට වතුර
කහට කෝප්පයක් බොන්න ඉක්මනට
නැගී සිටිය වයසක අම්මා හනික
ඇවිද ගියා ගෙන එන්නට උණු කහට

ඒ වත දිහා බලන් හිටිය මම ඩිංගක්
දුටුවා සැහැල්ලුව ඒ හිත තුළ යන්තම්
තේ එක ගෙනත් තිබ්බා වෙව්ලන දෑතින්
හකුරු කෑල්ලක් දුන්නා අතට හෙමින්

ඉදගත්තා මගෙ ළඟින්ම හිනා වෙමින්
දෙන්නම බලා ඉන්නව මගෙ දෙස සතුටින්
"අපේ දුවත් එනව කිව්වා හෙට හවසින්"
බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව හිතින්

සිතුණා මට දහසක් දේ ඒ මොහොතේ
අන්තිම තැන මෙතන නොවෙද දිවි ගමනේ
කොච්චර අපි නැහුණත් මිල මුදල් ගොඩේ
හිමිවෙන්නේ අවසන මෙය නොවෙද අනේ

Dew
248 viewsKavi wijesundara , edited  13:29
باز کردن / نظر دهید
2022-05-28 11:27:50 ඇයි අපිට රෝස මල් ?

වැලන්ටයින් දවසට තෑගි කළ රෝස මල්
බොහොමයක් පරවෙලා විසිරිලා ගියා
කුණුගොඩට ආදරේ රතු පාට සපයලා
වෛරයේ මල්පොකුරු අලුතින්ම පැළකළා


ආදරේ වචනයට නිර්වචන සපයන්න
තවත් දින ගණනක්ම සීරුවට සරසලා
මැරෙනතුරු නොමරන්න දිවුරාපු සුදුනූල්
හෙමි හෙමින් පුච්චලා අලුවෙලා ගියා


රෝසමල් නොතියාපු සුදු නූල් නොගෙනාපු
හිස් දෑත් දුප්පතුන් පොහොසතුන් කළා
උඩුගුවන් තලය මත විසිරිලා හමායන
සුළඟිනුත් ආදරේ සුවඳ පැතිරී ගියා


රෝස මලකින් හැකිද ආදරේ මැනගන්න
හුඟ දෙනෙක් නොහිතාපු ප්‍රශ්න මතුවෙලා
ආදරේ රතු පාට ඇයි කියලා නොදැනගෙන
ලේවලින් ආදරේ සටහනක් කළා


ආදරේ පිරිසිදුයි හදවතින් පුදනවයි
කතාවෙන් කියව්වත් වචන ගලපා දමා
පිවිතුරුම ආදරේ පාට සුදු පාටමයි
ඇයි අපිට රෝස මල් රතු පාට කළඹලා


දුල් බණ්ඩාර

@kathalokaya
255 viewsKavi wijesundara , 08:27
باز کردن / نظر دهید
2022-05-28 10:59:10 ඉන්නකොට මම ටවුමෙ තනියම

බස් එකෙන් බහිනකොට ලංගම
ටවුමෙ මැද ගිනි කන දවාලක
දුටුවා නන් දෙස අත් වැළඳගෙන
යන අයුරු නෙක නෙක සර්ව ද්විජ

කියන සතියෙක කැටිව විස්තර
අතොර නැති මදහාස මැදිවුණ
නෙත් අගින් ඉඟි කරන කරදර
හිඳිමි බලමින් හොරෙන් රහසින

සතිය නම් දිග වැඩිලු හොඳටම
කියයි ඇය මුවගට රැවුම් ගෙන
සනසන්න ඔහු ගන්න වෑයම
බලා හිනැහෙමි උපහසින් මම

බස් එකක් එයි කොළඹ සිට දුර
බසියි මගියන් දෙපා නගමින
බලමි සිව්මසකින් නොදුටු රුව
නොමැත සඳ අහසෙහි අමාවක

දුල් බණ්ඩාර

@kathalokaya
241 viewsKavi wijesundara , 07:59
باز کردن / نظر دهید
2022-05-27 19:52:49 සඳ එළිය ඇති විටදි නොවේ තරු බබළන්නේ....
අමාවක තනිරෑක තමයි තරු බබළන්නේ....
අහසක්ම එළිය කළ හඳෙන් කිම ප්‍රයෝජන....
තාරකා නොවේදැයි පෙන්වුයේ නියම මඟ....


Good Night
☆~ Anujana ~☆

@kathalokaya
266 viewsKavi wijesundara , 16:52
باز کردن / نظر دهید
2022-05-27 19:24:49 වසන්ත ඍතුවේ දවසක
සුපිපිණු රතු රෝස කුසුමක්
නෙලා ගත්තා හරි පරිස්සමට
තිබුණත් නටුව පුරාවට කටු
සිටියා තද කර දෑතින් ම අල්ලන්...
සිනිදු දෙඅත් වේදනා දුන්නත්,
රත් රුහිරු බිදු ගලා හැලුනත්,
නෙතු අගින් කදුලැලි වැගිරුනත්,
එක් මොහොතකටවත්
අත් නොහැරියෙමි කිසි ලෙසකින්...
නමුත් අවසානයේදී එහි
සුවද අඩු වූවා ටිකෙන් ටික,
සැලුණා පෙති එකින් එක,
පරවී යන්නට ගියා සදහටම...
එහෙත් මා තවමත්,
ඉතිරි වුණු රෝස මල් නටුව
තදින් අල්ලන් බලාගෙන සිටිමි
රිදුම් ගෙනෙනා දෑත් වලින් ම...
දනිමි එය යලි නො එන බව
නමුදු නිමාවක් නොමැත
තනි වුණු රතු රෝස මතකයට
අවසන් සුසුම් හෙලනා තුරාවට...
" රතු රෝස මල "
එයයි නොමියෙන ආදරයෙ අරුත

Dilna

@kathalokaya
267 viewsKavi wijesundara , 16:24
باز کردن / نظر دهید
2022-05-27 18:28:43
ආයෙමත් එන්නෙ නෑ කියලා දැන දැනත්..

ඒත් ආයෙමත් ඒවි කියලා..

හිත රවට්ටගන්න එක දැන්..

පුරුද්දකට ගිහිල්ලා..

ගිය තැනකින් කතා කරන්නම බැරිද ඔයාට..

අඩුම තරමෙ හොඳින් පරිස්සමින් ඉන්නවා කියලවත්..

ඔයා නැතුව ලතැවෙන හිත සනසගන්න..

ඒකත් මහ මෙරක් මට..

#Hasii..

@kathalokaya
257 viewsKavi wijesundara , edited  15:28
باز کردن / نظر دهید
2022-05-27 18:07:48
කවමදාකව ත්,
"උඹ හොදින් ද " කියල
අහන්නව ත් මට යාළුවෙක් ඉදල නෑ...
හැමෝම මූණට හොදයි...ඇතුලෙන් කුහකයි...
එකට කාලා එකට ඉන්න උන් හෙට උදේට වෙනස්,
නෑ තප්පරෙකින් වෙනස් වෙන්නෙ....
පිස්සු නටන්න,ට්‍රිප් යන්න,කන්න,බොන්න,
එකට ගොඩයන්න,
පණ හරි දීලා යාළුකම් තියගන්න...
මට ත් ලස්සන හීන තිබ්බා මචං...
මට ළං වුණු ගොඩක් අය ව,
මං තියාගන්න හැදුවා හැම විදියකින් ම...
එකෙක්වත් ළඟ නෑ , අපි කොච්චර හොද කළ ත්....
හැබැයි මං උඹල ට ආදරෙයි...
වෙන මොකුත් හින්ද නෙවේ,
උඹල මට ජීවිතෙ,මිනිස්සු, මේ හැමදේම ගැන
තේරුම්ගන්න උදව් කළා....

(ආසි)

@kathalokaya
249 viewsKavi wijesundara , edited  15:07
باز کردن / نظر دهید
2022-05-27 17:35:19
#share

@kathalokaya
255 viewsKavi wijesundara , 14:35
باز کردن / نظر دهید