Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 21

2022-04-30 19:37:17
වේදනාවන් පිරිච්ච මතකය
අදින් නිමි
මතක කඳුලු පමණක්
අද ඉතිරිව ඇත
නුඹේ සිනාවන්
මැකී ගොසින
මාගෙ හදවතද
බිඳී ඇත
ආදරේ නොතේරී
නිමා වූ අපගේ කතාව
නැවත ලියැවේවිද?

සුභ රාත්‍රියක්...

вℓα¢к ραитнєя

@kathalokaya
379 viewsKavi wijesundara , edited  16:37
باز کردن / نظر دهید
2022-04-28 18:21:52
ප්‍රේමය.....



සුන්දර හැගීමකි එය....

ප්‍රේමයට නිර්වචන නොමැත....

එය දැනෙන්නාගේ හදවත පවසන දෙයයි ප්‍රේමය....

විශ්වාසය, අවංකබව මත පදනම් වුන ලස්සන බැදීමකි එය....

හුරු පුරුදු දෑසක නොසිතූ ලෙස අතරමන් වන නුපුරුදු හැගීමකි එය.....

වෙනදා හදට දැනුනු සැහැල්ලු බව අහිමි කරන හැගීමකි එය අප හදවත කොහේදෝ අතරමන් කරන....

බැදීමක් ඇතිවන තැන ඇත්තේ වේදනාවකි..... නමුදු නිවැරදි කෙනා හමු වූ කල එය සුන්දර හැගීමකි....

සන්දගී....

@kathalokaya
461 viewsKavi wijesundara , edited  15:21
باز کردن / نظر دهید
2022-04-28 13:09:13 හමුවුනා මට ගොඩක් අය
මාත් එක්කම හිටියා ඒ අය
අද මට යන්න වෙලා
ආයෙ කවදා එන්න වෙයිද
මමවත් නැ දන්නේ...

මන් වැටුනු වෙලාවෙදි
මාව නැගිට්ටෙව්ව අය ඉන්නවා
මාත් එක්කම හිටිය අය ඉන්නවා
ගොඩක් ස්තූතියි මාත් එක්ක හිටියට.....

කවදාහරි දවසක ආයෙ එන්නම්...
එතකන් මම සමු ගන්නම්....
මේ ජීවිතේ මාවතේ කවදාහරි අප නැවත හමු වේවි.....
එතෙක් ඉන්න හැමදා සිනාසී...
වැටෙන්න එපා වැටුනත් නැගිටින්න....
ඔයාට ඔයාව නැති කර ගන්න එපා...
නැවත හමුවන බලාපොරොත්තු පිට මම දැනට කොමාවක් පමණක් තබා නවතිමි.....,

සන්දගී.....

@kathalokaya
391 viewsKavi wijesundara , 10:09
باز کردن / نظر دهید
2022-04-28 11:40:35
හමුවුණා එක සැඳෑ වරුවක
අහඹුවක්....

තෙපලුවා වරු ගණන් එක්වී
මිතුදමක්....

නිමවුණා හරි ඉක්මනට තව
පරිචයක්....

තියෙනවා දැන් අඳුරන්න බැරි
හිතලුවක්....

අඬනවා මුළු ලොවට රහසින්
වරු ගණන්....

දැනෙනවා නුඹ අහිමි බව එක
මිරිඟුවක්....

රකිනවා හද ගැඹුරු තැනකම
මතකයන්....

පතනවා හැම පැතුම් ඉටුවෙන
හෙට දිනක්....


-HJ-

@kathalokaya
373 viewsKavi wijesundara , edited  08:40
باز کردن / نظر دهید
2022-04-28 11:10:29
හමු වන්න පින් කල මුත්
හිමි වීමට පින් මදි ඇති
එකයි අදටත් නමක් නොමැති
බැදීමක් අප අතර පවතිනුයෙ...

ඔබ නොමැතිව ගෙවේන තත්පරේ
කල්පයක් වැනී දැන් මට
හමු වුනු දා පටන් බැදි පෙම
අපමණයි තවමත් සිතේ.....

නිදි වරන රාත්‍රියක් ගානේ
පෙරලෙයි පිටු මතක පොතේ
සොදුරු අතීතයේ මතක අස්සෙම
ගුලි වෙමි මම ඔබේ උනුහුමේ...

යාලුකමට එහා ගිය
ආදරයෙන් මෙහා නැවතුනු
ඒ බැදීමට තවමත් සොයනවා මා
දීමට පුලුවන් නාමය ලොවේ....

සන්දගී....

@kathalokaya
316 viewsKavi wijesundara , edited  08:10
باز کردن / نظر دهید
2022-04-28 11:10:05
වැව සිපගෙන එන සිහිල් සුලග ගතේ දැවටෙන්නෙ එම සුලගේ සීතලට රෝම කූප පවා කෙලින් කරවමින්.....
රෙබරෝසියන් ගස්වල මල් පිපිලා සුලගට ගසාගෙන යද්දි මා පිලි ගන්න මල් වහි වස්සනවා වගේ.....
නගරය මැද ඇති මාලිගාව තේජාන්විතව වැජඹෙනවා....
දකිනා ඕනා අයෙකුගේ සිත සැනින් සොරා ගන්න හැකි අප කවුරු ආස කරනා මහවැලියෙන්ද හන්තානෙනද වට උනු ඒ සුන්දර පාරාදීසය.....,

නුවර.....

පෙම්වතුම් හමුවන...,
ආදරවන්තයන් එකතුවන....,
ලස්සන නගරයකි එය දකින්නගේ සිත් වශීකෘත කරවන.....

ගියේ මම වැව වටේම.... සමහරු හරිම සතුටුන් තමන්ගෙ සහකරු සහකාරිය එක්ක වැව වටේ යද්දි..., තවත් සමහරු වැව වටේ තියෙන බංකු උඩ බලා ගත්ත අත බලන් කල්පනා කරනවා.....
සමහර විට ඒ මේ නුවර අහස යට හමුවුනු නුවර අහස යටදිම වෙන් උන අය වෙන්න ඇති.....

හැමදේකම දෙපැත්තක් තියෙනවානේ......

ආසයි දවසක මටත් එයා එක්ක ඒ වැව වටේ යන්න....
ඒක මේ හිතේ තියෙන පුංචි බලාපොරොත්තුවක්....

සන්දගී......

@kathalokaya
288 viewsKavi wijesundara , edited  08:10
باز کردن / نظر دهید
2022-04-28 10:53:00
සැමට හිමි මට අහිමි ලෝකයක
නුඹ සොඳුරු සිහිනයක්
එහෙව් නුඹ මේ තරම් ඇයි මටම නපුරුකම්
ලෝකයම සේ ඔබත් කලා සදවතට පෙම් ඒ සද එලිය මේ හිරුගේම බව නොදත්
කිසිදිනක නොලදමුත් සද වැනුම් දිවා හිරු
මුදයි ඈ සෙනේහෙන් ලෝකයේ ඝනඅදුරු
මේ දිවියෙ මට උරුම කදුලු කැට වෙන්නඇති
ඒත් නුබ දන්නවද...
නොදැනුනත් ඔය හිතට මේ හිතත් හොඳටෝම රිදෙනවා
තදකරන් හිටියාට හිතයටින් කදුලුබිදු ගලනවා
නොලැබුණත් නුඹෙන් මට! මං නුඹට ආදරේ කරනවා... සදහටම... —Ishini
@kathalokaya
280 viewsKavi wijesundara , edited  07:53
باز کردن / نظر دهید
2022-04-28 10:52:37
නිම්න බෑවුම් මුදුන්
සිපගෙන සුළං රැල් හැමුවා...
විහිද තටුපත් පහස
විඳිමින් ලිහිණියන් හැඬුවා...
හිරුත් නොපෙනෙන වැසිත්
නැති එක දහවලක් දුටුවා...
කිසිත් නොහිතම හිතේ
අයිනක මහ දුකක් තිබුනා...


තත්පරෙත් කල්පයක්
වාගෙ ම ගතවුනා දැනුනා...
රැහැයි නාදෙන් දැහැන
බිඳිලා දෑස් හැර බැලුවා...
ගොම්මනත් මට පෙම්
බැඳන් ළඟ දැවටෙමින් හිටියා...
නින්ද එනකං පැලේ
තනියම දුකට කවි ගෙතුවා...


#The_Shan_DK
22.4.27

@kathalokaya
283 viewsKavi wijesundara , edited  07:52
باز کردن / نظر دهید
2022-04-28 10:52:04 ඔබේ යථාර්ථය
ඔබේ මිත්‍යාව
ඔබේ පරිපූර්ණත්වය
ඔබේ බුදුන් වහන්සේ
ඔබේ ජේසුස් වහන්සේ
ඔබේ අල්ලා දෙවියන්
ඔබමය..........

විශිවීය
එකම ඇදහීමක්
එකම අනුගාමිකයෙක්
ඔස්සේ සත්‍යය
සාක්ශාත් කරගනු ඇත
මතු යම් දිනක
එය "මනස" යි.......................

අතීතය පුනරුත්පත්තිතය
ලබනු ඇත...........
යම් කලෙක වූ කේතයන්
ඔස්සේ ඇති මතවාද
විකේතනය වනු ඇත


ව්‍යාකූලත්වය ඔබ තුලමය
..........................................

- Dark writer-

@kathalokaya
294 viewsKavi wijesundara , 07:52
باز کردن / نظر دهید
2022-04-27 17:27:16
සොඳුර,
මාගෙ මේ දෑතින්
කෙසේ නම් එය කරනුද?
කෙසේ ඔබගේ සුසුම් නිමා කරනුද?
ඔබගේ සිනහ,
ඔබගේ ඉරියව්,
මා මුසපත් කල ඒ ප්‍රේමය
මා කෙසේ අළු කර දමන්නද

මා හට ඔබ ඝාතනයට නියම වී ඇති
මේ නිමේෂයෙත්
ඔබගේ මුවගේ හසරැල්
මා හට පවසන්නෙ
"මා ඔබට සදා ප්‍රේම කරනු ඇත"
යන්නයි
ඉතින් සොඳුර ඔබගෙන් නික්ම යාමට
අවසර දෙනු මැනව

вℓα¢к ραитнєя

@kathalokaya
323 viewsKavi wijesundara , edited  14:27
باز کردن / نظر دهید