Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 18

2022-05-13 11:32:16



දුවේ,
නුඹේ ජීවිතේ ලස්සනම දවස අද
ලස්සනට ඔසරිය ඇඳල උඹ හරි හැඩයි දුවේ
මාල හත මල් කළඹ හරිම හැඩයි උඹට
කොයිතරම් හැඩ බැලුවත් දන්නවා මේවා මායාවන් බව
ඒත් මගෙ දුවේ කොහොම හිත හදා ගන්නද මම
මෙයයි යථාර්ථය කියා
" අම්මේ මම මහණ වෙනවා"
ඇත්තමයි එදා,
දැවුණා මගෙ මුළු හදවතම
තව මොහොතකින් නුඹ කසාවතක් දරයි
මම නුඹේ දෙපා අල්ලලා වඳීවි
මට බැරිවෙයි ආය උඹව තුරුලු කර ගන්න ඉපදුණු දවසේ වගේ
ගොඩක් නෑ පුතේ අපිට ඉන්නේ උඹ විතරයි
දුන්නු සැලකිලි සේරම උඹටයි
කළකිරුණද එහෙව් ජීවිතය
දුවේ,
සංසාර ගමනේ පුරුද්දක් වෙන්න ඇති නේද?
හතර වරිගයම සංසාරෙන් එතෙර කරන්න මගෙ දුවෙ
අද ඉදන් පාලු වෙයි මුළු ගෙදරම
නුඹේ කටකාරකම් නැතුව
ඉවසන් ඉන්නම් මම
කපද්දි මම ආදරෙන් තෙල් ගාපු උඹේ කොණ්ඩෙ
මාල වළලු එකින් එක ගලවද්දි
උඹේ පිං පාට තව තව වැඩි වෙද්දි
ඉවසන්න පුලුවන් වෙයි මට
මම අඬයි වැළපෙයි
ආයෙත් හැරෙන්න එපා මගෙ දුවේ
උඹෙයි මගෙයි අතර වෙනස ඒකයි
උඹෙ හිත හරි හයියයි දුවේ....
පුලුවන්නම් තව දහසකුත් දෙනාට සසරින් එතෙර වෙන්න මඟ කියල දෙන්න
මතු භවයේ මගේම දුව නොවුණත් දුකක් නෑ මට
සදහටම දුක නසන්න මගේ දුවේ
නිවනින්ම නිවෙන්න.........




Dew

@kathalokaya
39 viewsKavi wijesundara , edited  08:32
باز کردن / نظر دهید
2022-05-13 10:47:14
කවියෙකුට කවියක්

ආදරවන්තයන්ට ආශිර්වාදයක්

ගහකොළ ට නව පණක්

කම්මැලියෙකුට නිදිපෙත්තක්


වැස්ස

........W^_____^K

@kathalokaya
82 viewsKavi wijesundara , edited  07:47
باز کردن / نظر دهید
2022-05-13 10:46:41
ආයෙමත් එන්නෙ නෑ කියලා දැන දැනත්..

ඒත් ආයෙමත් ඒවි කියලා..

හිත රවට්ටගන්න එක දැන්..

පුරුද්දකට ගිහිල්ලා..

ගිය තැනකින් කතා කරන්නම බැරිද ඔයාට..

අඩුම තරමෙ හොඳින් පරිස්සමින් ඉන්නවා කියලවත්..

ඔයා නැතුව ලතැවෙන හිත සනසගන්න..

ඒකත් මහ මෙරක් මට..

#Hasii..

@kathalokaya
79 viewsKavi wijesundara , edited  07:46
باز کردن / نظر دهید
2022-05-13 10:46:12
රෑට කෑවේ නෑ කියලා බනින්නේ නැද්ද මට?
පරිස්සමෙන් ඉන්න ඉක්මනට නිදාගන්න කියලවත් කියන්නේ නැද්ද ?

අද ලෙඩ වෙලානේ මගෙ මැණික් ගල.
දන්නෑ හරියට මොකක් වෙලාද කියලවත්
කොහොම දැනගන්නද ඉතිම් මං?
මහ හුගක් දුරින් නේ ඉන්නේ මං.

උදේ ඉදම් නිදන් ඉඳියම හිතුනා ඇඟට අමාරු ඇති කියලා.
කෝ ඉතිම් වෙනදා වගේ මට බැන බැන රණ්ඩු කරන පණ්ඩිත කට ලොක් වෙලානේ අද..


පාලුයි දුකයි තමා ඉතින් මහ ගොඩක් මට .
කවදහරි දවසක් මටත් එයිනේ,, ජීවිතේ අමාරුම තැන් වලදි ඔයා ගාවින්ම ඉඳන් ඔයාට හයියක් වෙන්න පුළුවන් වෙන....

අන්න එදාට මං ඔයාව බලාගන්නම් මැණික ඇහැක් වගේ...
හැබැයි අද මං ලගින් නැති උනත් ඉක්මනට සනීප වෙන්න මගෙ මැණික..

මං බලන් ඉන්නවා...
ඉක්මනින් සනීප වෙලා හනිමිලන් කියලා කට පුරා හිනා වෙලා ඔයා මට කතා කරන වෙලාවක් එනකන්ම..


°°°°°°

@kathalokaya
75 viewsKavi wijesundara , edited  07:46
باز کردن / نظر دهید
2022-05-12 21:14:39
මලක්
පිපීමට බොහෝ කල් යයි
පැයෙන් පැය
දිනෙන් දින
පෙරුම් පුරමින්
පොහොට්ටුවෙන්
පුෂ්පය විකසිත වන්නෙ
බොහෝ කල් ගොස් ය...
නමුත්
මාස ගනනක් පෙරුම් පුරා
පිපුනු මල
දින කිහිපයකින්
පරවී යයි
කුඩා ස්පර්ශයෙන් හෝ
පෙති තැලී පොඩි වී යයි

࿐Vish࿐

@kathalokaya
198 viewsKavi wijesundara , edited  18:14
باز کردن / نظر دهید
2022-05-12 21:13:47
ගලන් යන ජීවිතේ
අතරමග නැවතුමක්...
සුසුමකට බරවෙච්ච
හදවතේ තෙරපුමක්...
කටු රොදක් බඳු ඇත්ත
වැටහුනත් සියවරක්...
දිලිසෙද්දි නිල් දෙනෙත
නැහැ දුන්නෙ ඉවසුමක්...


ආලෝක වර්ෂ දිග
දුර ඇදුනු සිනහවක්...
ඇස් පියන් නොහෙලාම
බලා විඳි සැනසුමක්...
නිදි නැතිව හිත හෙව්ව
අහිමි ස්පර්ශයක්...
මං මොකට ලිව්වාද
තරුවකට පෙම් කවක්...


#The_Shan_DK
22.5.12

@kathalokaya
177 viewsKavi wijesundara , edited  18:13
باز کردن / نظر دهید
2022-05-12 21:12:50 දන්නවද ඔයාලා? කෙල්ලෙක් කියන්නේ හරියට වීදුරුවක් වගේලු........ ඒක එහෙමයි කියලා මාත් දන්නවා.... ඒත් මං අහන්නේ කෙල්ලෙක් උන අපිට නිදහස කියන දේ උරුම නැද්ද???

අදටත් ඒක මට ප්‍රශ්නාර්ථයක් ?

පොඩි කාලේ ගන්නවා පොඩි පාටියක් එදායින් පස්සේ කෙල්ලො අපි හැමෝම ලොකු ලමිස්සියොලු.......

එදායින් පස්සේ මේ සමාජේ කොල්ලෙක්ට තියෙන නිදහස අපිට තියෙනවද? තමන් ආස විදියට ඇඳුමක් අඳින්න පුළුවන් ද ??

මං අහන්නේ කෙල්ලන්ගෙන්, තමන් ඇඳුමක් ඇන්දත් ඒක වෙන කෙනෙක්ගෙ උවමනාවට අඳිනවා මිසක් අපි ආසාවෙන්ම ඒක අඳින අවස්ථා ගොඩක් අඩුයි නේද? ......

කොල්ලෙක්ට වගේ නිදහසේ කැමති විදිහට වාඩි වෙලා ඉන්න පුළුවන් ද අපිට? ...... එතනත් නීතියක් නේද? ..........

තමන්ගේ ආසාවට තනියම ඇවිදින්න යන්න, ජීවිතේ විඳින්න අත්දැකීම් එකතු කරගන්න අපිට අවස්තාවක් තියේද ? නෑ නේද?

තනියම පාරක බැහැලා නිදහසේ ඇවිදින්නවත් පුළුවන් ද ?බෑ නේද ? එතනත් අපිට ආරක්ශාව කියන දේ පොඩ්ඩක් වත් නෑ නේද ?

නිදහසේ හයියෙන් කතා කරන්නවත් පුළුවන් ද? බෑ නේද ? කෙල්ලෙක් උනහම ඔහොම හැසිරෙන්න හොඳ නෑ ගමටම ඇහෙන්න කෑ ගහන්න හොඳ නෑ සමාජෙන් ඒකටත් නීති නේද????

මේක කියවන කෙල්ලො කොල්ලෝ හැමෝගෙන්ම පුංචි ප්‍රශ්නයයි අහන්න තියෙන්නේ කැමතිනම් උත්තර දෙන්න බැන්නත් කමක් නෑ

මං අහන්නේ ගෑනු අපිට නිදහස කියන දේ උරුම නැද්ද

°°Nthu11°°

@kathalokaya
170 viewsKavi wijesundara , 18:12
باز کردن / نظر دهید
2022-05-12 21:11:30
නුඹ

මවන හීන,
නුඹ
දුන් සතුට,
විටෙක මටත් හොරා,..
නුඹම අරගෙන ගිහින්
අහිතක් නැතිවම......
ඉන්නෙ කෝමද?........
මා
නුඹව ආයාසයෙන්
නැවත කැදවන
තුරුම,
හද ගින්න අව්ලාන........

-ආසි-

@kathalokaya
165 viewsKavi wijesundara , edited  18:11
باز کردن / نظر دهید
2022-05-12 21:10:58
ඇයි?
ඇයි මම අවුරුදු ගාණකට පස්සෙ දැකපු ඔයාට ආයෙත් මගේ හිතේ ඉඩක් දුන්නෙ......
ඇයි මට අවුරුදු ගාණක් ගියත් ඔයාව අමතක කරන්න බැරිවුණේ.....
ඔව්, මමයි වැරදි
එදා හුරුවට අදත් ඔය ඇස් දිහා බලපු මමයි වැරදි.......
නොලැබෙන බව දැන දැනම ආදරේ කරපු මමයි වැරදි.....
මට සමාවෙන්න,
සමාව නොදුන්නොත් වරදක් කියන්නෙ නෑ මම....
දන්නවා මම ,
අයිතියක් නෑ "ආදරෙයි" කියන්න
ඒත් තාමත් මම,
විඳිමි, විඳවමි...
"හිමි නොවන බව දැන දැනම කළ ප්‍රේමය........"

Dew

@kathalokaya
177 viewsKavi wijesundara , edited  18:10
باز کردن / نظر دهید
2022-05-12 09:49:45
මොළයට
ආහාර සැපයීමට
ආගමට, ජාතියට හෝ
කිසිම වර්ග වාදයකට ඉඩ නොතබන්න....

ඒ සඳහා පොත් පත් එක්ක ගෙවෙන
නිදහසට ඉඩ හරින්න....

මා ඒ මන්ද ? යැයි නොපවසමි.....

දිනක ස්වභාවධර්මය ඔබට එය ඔප්පු කරණු ඇත ....

#චංකගේ_කවි_හිත...

@kathalokaya
271 viewsKavi wijesundara , edited  06:49
باز کردن / نظر دهید