Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 16

2022-05-16 12:01:25

@kathalokaya
221 viewsKavi wijesundara , edited  09:01
باز کردن / نظر دهید
2022-05-16 12:00:23
𝒮𝑒𝒸𝓇𝑒𝓉𝒯𝒩

Kathalokaya
209 viewsKavi wijesundara , edited  09:00
باز کردن / نظر دهید
2022-05-16 11:43:46
"Southwest monsoon... "



වැසි නොමැති රළු
නියං සමයේ
අයැදි උන් මෙලෙසින්..

"අනේ උඹ කොහි
ගියාදෝ වර අරන්
දිය හනිකෙන් "

ඇසී අයැදුම
පැමිණි පසු මහ
නිරිතදිග මෝසම්..

නොනැවතී
ඇදහැලෙනු දැක අද
නගයි දොස් හරුපෙන්...

#The_Shan_DK

@kathalokaya
213 viewsKavi wijesundara , edited  08:43
باز کردن / نظر دهید
2022-05-15 20:08:29
පාට
අපේ ජිවිතේත් හරියට
එක එක පාට ගොඩක් තියන
පාට පෙට්ටික් වගේ

හැබැයි ජිවිතේ කියන
පාට පෙට්ටියේ තියන
හැම පාටක් ම අපිට
ගැලපෙන්නේ නෑ
අපිට හරියන පාට
තෝරගන්නේ කොහොම ද
කියලා දන්නේ අපිම විතරයි

අපේ අනාගතේ පාට ගොඩක්
තියන පාට පෙට්ටිය කරගන්
නැතිව , ඕනෑ පාට විතරක්
අරගෙන ඉස්සරහට යන්න

C . Keshi

@kathalokaya
65 viewsKavi wijesundara , edited  17:08
باز کردن / نظر دهید
2022-05-15 19:39:02
වින්දාම උපරිමේට හීන
හෑල්ලු වෙන්නෙ කප්පරක්
බලාපොරොත්තු .....
ඉරිතැළුවාම මාළිගා
වළාකුළු මත තනපු
කිදාබහින්නෙ පොළොවටත්
නෙමෙයි
පාතාලේ පතුලටම.....

කෝමත්
හෝද හෝදා
පොගවන්නම ඕන මතක
හැමදාම ......
කුණු වෙවී ගද ගහන වණ
කොණහල්ලන්න ඕන
ඉඳහිටකවත් දාක.....

ඇත්ත ,
සොදුරිය
හඳක් බැහැගෙන යනවනම්
රෑක.....
මහ පාන්දර මලක්
පරවෙන එක
අහන්නත් දෙයක්ද.....

සනූ වික්‍රමසිංහ ....

@kathalokaya
90 viewsKavi wijesundara , edited  16:39
باز کردن / نظر دهید
2022-05-15 16:26:08
කල්පයක් පෙරුම්පුර
අල්පයක් සැනසෙන්න
හඳ ගාව ඇස් තියලා
තරු වලින් සෑහෙන්න
හාදුවක් ළග තියලා
බැල්මකින් ඇවිලෙන්න
කරපු පිං ඇති උනා
හුස්මකට ගුලි වෙන්න.....


මල්වරම වයස ඒ
ප්‍රේමයත් දළුලන්න
කිටි කිටියෙ සිතැගි ගෙන
උණුහුමට සිපගන්න
පාළුවට ගිය පපුවෙ
පෑලදොර විවරින්න
සත්තකින් හැකිවුනා
රෝස පෙතිඅග දැවටෙන්න.....

සිත්තරුන් ඇති තවත්
තෙළිතුඩග සිපගන්න
කමක් නෑ කැමති නම්
යළිත් නෑවිත් ඉන්න
කුළුදුලේ වින්ද ඒ
හාදුවක් විඳගන්න
ඇහැකිනම් ඔබ එන්න
ඇවිත් ආපිට යන්න......

සනූ වික්‍රමසිංහ ....

@kathalokaya
145 viewsKavi wijesundara , edited  13:26
باز کردن / نظر دهید
2022-05-15 09:01:02
තනියෙන් පිපෙන මල් වලට තනියට කවුරුත් ඕනෑ නෑ

අපි ලෝකේට එන්නෙත් තනියමනම් ,
ලෝකේන් යන්නේත් තනියෙන්නම්
ඇයි අපිට තනියෙන් ජිවිතේ දිනන් බැරි
තමන්ට තමන් ඉන්නවම් වෙන අය මොකටද ?

තනිකම වෙනයි තනිවිම වෙනයි ,
තනිවිම කියන්නේ අපි හැමෝගෙන්ම ඇත්වෙලා
තනියම ඉන්න එකට ,
හැබැයි තනිකම කියන්නේ හැමෝම එකතු වෙලා
අපිව ඇත් කරන එකට ,

තනිකම විදවන දෙයක් තනිවිම කියන්නේ විදීන
හැගීමක්

ජිවිතේ දිනන්න ජිවිතේ විදින්න ,
හැබැයි තනියෙන් තනියම

C . Keshi

@kathalokaya
203 viewsKavi wijesundara , edited  06:01
باز کردن / نظر دهید
2022-05-15 09:00:27
ඇවිලුණු සිත් වල ගිනි දැන් නිම වේවා
පෑරුණ සිත් සතන් මෙත් සිසිලෙන් සුවපත් වේවා
බෝපත් සුළගට මුළු ගත සැනසේවා
බැති ගී තනුවට සෙනෙහස වැඩි වේවා


පියුමක් වගේ සිත් මල් පිරිසිදු වේවා
කුණු කය ගැනම වු අදහස නැති වේවා
නිවනට යන්න ටික ටික හෝ ළං වේවා
පින්බර වෙසග සැමටම සුභ වේවා

දැල්වූ පහන් ආලොකය මෙන් නුවණත් වැඩි වේවා
ගනදුර වන්ම මෝහය නැති වී
සෙත් වේවා
තෙමගුල සිහි වෙලා සිත සංසුන් වේවා
සසෙරෙන් එතර වෙන්නට මග පෑදේවා




සදූ

@kathalokaya
178 viewsKavi wijesundara , edited  06:00
باز کردن / نظر دهید
2022-05-15 09:00:04
බුද්ධ තෙමගුල සමරනා
පින්වන්ත වූ මේ පෝ දිනේ...
උදෑසන මා දුටුව දසුනින්
හිතේ කහටකි ඇතිවුනේ...
පිනැති සිවුරට නොසලකන්නට
කොහොම දුන්නද ඉඩ හිතේ...
ගුණක් නොමදත් දනන් ඇති තෙක් රටක් හරියාවි ද කෙසේ...


උදම් ඇනුවත් අතීතය ගැන
කියා දහමක ඇති අගේ...
අමූලික ශ්‍රද්ධාව පමණකි
බොහෝ හිත් තුළ පැවතුනේ...
ආමිසය මිස ප්‍රතිපත්තිගත
හැඟුම් නොම ඇති මිනිසුනේ...
මෙයද ඔබ කියු සංස්කෘතියෙන්
එහා ගිය වෙනසෙහි අගේ...


#The_Shan_DK
22.5.15

@kathalokaya
167 viewsKavi wijesundara , edited  06:00
باز کردن / نظر دهید
2022-05-15 08:14:51
කතාලෝකය වෙසක් කලාපය

සැදැහැ සිතින් ඔබට කෙරෙන ආරාධනාවයි!!!

ඔබත් වෙසක් කූඩුවක් හැදුවාද?

එහෙනම් අද රාත්‍රී 8.00ට පෙර ඔබේ වෙසක් කූඩුවේ සහ ඔබේ නිවසේ ඇති ඕනෑම වෙසක් සැරසිල්ලක ඡායාරූප අප වෙතට එවන්න. ඔබ කර යුත්තේ ඔබේ නිවසේ වෙසක් සැරසිලි වල ඡායාරුප @RavinduRandeepa_bot වෙතට ඔබේ නම සමග යොමුකිරීම පමණි. එවිට ඔබේ නිර්මානයත් තව 16,500කට බලන්න පුළුවන්

-විශේශයි-සවස 6.30න් පමණ පසු වෙසක් බල්බද දල්වා එවන්නේ නම් නිර්මාණ වල සැබෑ චමත්කාරය තිබෙනු ඇති.


අද රාත්‍රී 8 සිට ඔබට කතාලෝකය වෙසක් කලාපය නැරඹිය හැක.නිවසේ සිටින ඔබටද වෙසක් සිරි ලංකිරීම අපගේ අරමුණයි.රට වටාම වෙසක් කූඩූ , තොරණ ඇතුළු ඒවා නැරඹීමේ හැකියාව ඔබට ඇත.

එක්වන්න රාත්‍රී 8ට කතාලෝකය වෙසක් කලාපය සමගින්.


ඔබට පින්බර වෙසගක් වේවා

@kathalokaya
87 views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 05:14
باز کردن / نظر دهید