Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 6

2022-06-14 17:01:09 ප්‍රේමයක්.....

එයත් මියදුනු ප්‍රේමයක්
ලංව විත් වෙන්ව ගිය..
හදවතේ සියුම් තැන්
හොදින් දැනගෙන ස්පර්ශ කල,
හීන් පොද වැස්සක් වූ ප්‍රේමයක්....
කෙමින්,
මහ වැස්ස පැරදූව...
මෝසමක් සේ දැනුන,
සිතේ කොනකම ලැගුම්ගත්..
නටඹුන්වූ ප්‍රේමයක්.....

Fdo.......

@kathalokaya
210 viewsKavi wijesundara, 14:01
باز کردن / نظر دهید
2022-06-13 11:13:16
තවත් එක් කන්නගියක් විය හැකිය
මටත්
නමුදු එය පෙනේවී ලෝකයාට
පමණක්
පියයුරකින් පඩි රටක් අලු කිරීමට
තරම්
දැන් ශක්තියක් නොමැත කන්නගිය
සේ මටනම්
හදවතේ ඇවිළෙනා ගිනි පුපුරවත්
නිවන්නට නොහැකි මා
කෙසේ නගරයක් ගිනිබත්
කරම්ද
දෙපයින් නැගිට සිට

නුඹ ගිය සොවින් අලු කිරීමට හැකි
නුඹෙ අතීතයේ මතක ගොඩවල්
ගොඩක්
පති බලය කියා පත්තිනිය වැන්දට
අපිත්
ඇයත් ප්‍රේමය නිසා පරාජිත එකියක්
නොවෙද
පතිවතේ සුදු රෙද්ද ඔතාගෙන
මටත්
විය හැකියි දෙවගනක් මල් දුමෙන්
පුදන්නට
ප්‍රේමයේ අකමැතිම දේ විදපු
මට
දෙවියෙක් වුණත් කොහි ඇති සැනසුමක්,සතුටක් ද ......

Kavi

@kathalokaya
139 viewsKavi wijesundara, edited  08:13
باز کردن / نظر دهید
2022-06-13 09:35:12
පෙනි පෙනී නොපෙනීම
නොපෙනෙනා බෝ දුරක
සිත ගිහින් නුඹ එක්ක
තනියෙන්ම...

දැන දැනත් නොදැනීම
නොදන්නා ඉසව්වක
සිත ගිහින් නුඹ එක්ක
තනියෙන්ම..

හැඳිනුවත් නොහදුනන
නොහදුනන ප්‍රේමයක
නන්නාදුනන ලෙස
මම ගිහින් නුඹ එක්ක
තනියෙන්ම....

චතුර

@kathalokaya
149 viewsKavi wijesundara, edited  06:35
باز کردن / نظر دهید
2022-06-13 09:34:44
නුඹට නුඹ පමණි නම්

මටද මා පමණි

තනිව වාසය මට රුචි

ප්‍රේමය නැහැ අවැසි....


Chamathka

@kathalokaya
143 viewsKavi wijesundara, edited  06:34
باز کردن / نظر دهید
2022-06-13 09:34:33 ඔබේ උණුසුම ඔබේ ආදරය ඕන මට
ඔබව ඉල්ලා හිතින් ඇඬුවත්
මවට හොරා මා ඉකි බිඳිමි හයියෙන්
බැහැ මට හයියෙන් හඬන්නට
ඇයත් හඬමින් සිටින හන්දා

ඔව් මට බෑ පෙන්වන්න තාත්තෙ ඔයා නැතුව මං ඉන්න පාලුව... දරා ගන්න බෑ හිතේ තියෙන දුක... මං කාටද කියන්නේ තාත්තේ... අඬන්න බෑ අම්මට දුක හිතෙන හන්දා... මට නොපෙන්වා ඇයත් හූල්ලනවා... ඉතින් මං ඇඬුවොත් ඇය නම් කොහොම දරා ගන්නද... ඇය විදින දුක මා දකිමි එහෙයින් බැහැ දුකක් පෙන්වන්නට... සොයුරෙක් හෝ හිටියනම් මට ටිකක් හෝ හදාගන්නට තිබුනා හිත... එහෙමවත් නොලද මා හිතේ දුක හිර කරන් ඉන්නේ කෙසේද මටවත් තේරෙන්නෙ නෑ නෙව හිතුනා බොහෝ දවසට ඔබ ළඟට එන්නට ඒත් මං කොහොමද එන්නේ මං දැන් ගොඩක් උසයි ලොකුයි ආසයි නුඹේ උණුසුම විඳිනට තවම... ආසයි යාලුවො වගේ තාත්තා එක්ක පංති යන්න මේ මගේ තාත්තා කියලා කියන්න.... යාලුවො තාත්තාල ගැන කියනකොට තාත්තල ගැන සිංදු ඇහෙනකොට දරා ගන්න බෑ එන වේදනාව... ඒ වෙලාවට ඒ තැන මග ඇරලා ගිහින් අඬනවා ඇති වෙන්න හැමෝම කියනවා මට ඇරපු අතක් නෑ දූ තාත්තා වගේමලු අනේ ඉතින් මට තාත්තව මතකවත් නෑ නේ ෆොටෝ එකක් බලල මවා ගත්ත රූපයක් විතරයි නේ...

ඔබේ සොහොන ළඟ හිඳගෙන හිතේ දුක කියන මට එන්න ඕන තාත්තේ ඔයා ගාවට මාව ගන්නවද ළඟට... මතු බවයක එකට ඉන්න පතනවා මගෙ ආදර තාත්තේ... හැමදාටම හැම බවයක එකට ඉන්න පතනවා... කිසිම ආත්මෙක මේ වගේ අකල මරණයක් වෙන්න එපා මගේ තාත්තට... මගේ ලෝකේ වීරයා ඔයා ආදරෙයි ගොඩක් තාත්තේ...

ඔබ නැති මේ ලොව පාළුයි අඳුරුයි...

තාත්තෙක්ගේ ආදරෙ දුවෙකුට මහ මෙරක්...

සුදු මැණිකේ...

@kathalokaya
146 viewsKavi wijesundara, 06:34
باز کردن / نظر دهید
2022-06-12 17:49:40
@kathalokaya
219 viewsKavi wijesundara, edited  14:49
باز کردن / نظر دهید
2022-06-12 17:45:46 නොතේරෙන ආලයක්...
ලොවට රහසක් වූ,
ලොවට අසම්මත වූ,
හදවතට සම්මත......
බැදීමක්.....
ආදරය වින්ද,
ජීවිතය වින්ද,
ප්‍රේමය වින්ද,
බලාහිදීමක්
එක්වෙන්න පෙරුම්පුරන....
විදවනා දෙහිතක්....

Fdo......

@kathalokaya
210 viewsKavi wijesundara, 14:45
باز کردن / نظر دهید
2022-06-12 17:21:44
කෝවලන් පවසමි මා මෙසේ නුඹට
මායී නුඹගේ කන්නගී පතිනිය
අසමි මෙසේ නුඹගෙන් මම
මදි වූයේ මාගේ ප්‍රේමයද නුඹ හට?

මාධවීගේ රාග තාලෙට
උමතූ වූවා නේහ් ද නුඹේ සිත
ප්‍රාණසම ලෙස පෙම් කළ නුඹේ කන්නගිය
හැරදමා ගියේහ් මාධවිය වෙත?

මාධවියේ නුඹ කෝවලන්ව
ඇද දැමුවේ කිමද රාග ගින්නක
හිදින් ප්‍රේමයේ නාමයෙන් දිවිදෙවෙනිකොට
ගිනි තියමි මම මුලු පඩිපුරයම...



#sayu

@kathalokaya
209 viewsKavi wijesundara, edited  14:21
باز کردن / نظر دهید
2022-06-12 14:29:46
දහස්වර නෙතු සෙවූ
සිහින ගෙත්තම් කෙරූ
අරුත් රැසක් පද ගැන්වූ
ඔබගෙයි මගෙයි ප්‍රේමය
කිසිදාක නොකිලිටිව
හැමදාම පවතිනු ඇත

WRITTEN BY,
chathuwa

@kathalokaya
235 viewsKavi wijesundara, edited  11:29
باز کردن / نظر دهید
2022-06-12 07:55:41
තරු අහසෙ නොපායපු හවසක
රෑ මැදියමේ එක වරුවක
රිදෙද්දිත් පපුවෙ පැත්තක
කියන්නම ඕන ආදරේ තිබ්බේම
මියැදිච්ච හුස්මක.....

ඉතින් ඒ එකෝමෙක දවසක්
වැහි නැතිව හෙණ ගහපු අහසක්
අදෝනා මැද්දේම හූල්ලපු කදුළක්
හැපි හැපී ඉල්ලුවේ
වාරුවට දෑතක්......

ආකහේ දිලිහෙනා එකම එක
තරුවක්
මහපොළොව සිපගන්න එයි ද එක ඩිංගක්
ඇත්තටම හුස්මකට නැතිවුනත් හිමිකම්
පුරන අහේතුක ප්‍රේමයත්
එක්තරා කරුමයක්....

සනූ වික්‍රමසිංහ ....

@kathalokaya
259 viewsKavi wijesundara, edited  04:55
باز کردن / نظر دهید