Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 5

2022-06-19 08:47:37
ගොළු සිත්

හිතේ ඇති ආදරය
කියාගන්නට බැරි වූ
ගොළු සිත් ඇති
ගොඩක්...

දකින හැම විටකදීම
තමන්ගේ කරගන්නට
අවසානය තෙක් එකට
ඉන්නට
පතනා
ගොළු සිත්
ඇති
ගොඩක්...

ළඟට එද්දී
වචන අමතක වෙන
හදපුරා
ආදරේ උතුරන
ඇයට හෝ ඔහුට
කියන්න ඉතින්
ගොළු සිත
ඔබේ ආදරේ
එක හුස්මට

Abhi Dissanayake

@kathalokaya
197 viewsKavi wijesundara, edited  05:47
باز کردن / نظر دهید
2022-06-18 19:03:08 හුදකලාවත් ප්‍රේමයක්..
දැවී කකියන සිත් අතර,
තනිව හිනැහෙන..
තනිව විදවන..
සොබාදම ජීවිතය වූ
හුදකලාවත් ප්‍රේමයක්.....

බැදීම් අතරේ විරහවක් නැති
හැගීම් අතරේ රාගයක් නැති
තනිව හිනැහෙන,
තනිව විදවන,
හුදකලාවත් ප්‍රේමයක්....

Fdo.........

@kathalokaya
264 viewsKavi wijesundara, 16:03
باز کردن / نظر دهید
2022-06-18 17:30:21 -නිවේදනයයි !!!

කෙටිකතා පළවී අවසන් වූවා @kathalokayaketikatha නාලිකාවේ පළකරන්නේ එහි subscribers 3000 වූ පසුය.එබැවින් දැන්ම ඒ හා එකතු වන්න !!!!


-අප ප්‍රධාන චැනලයේ පළ කර අවසන් කෙටිකතා @kathalokayaketikatha නාලිකාවේද හෙට දින පළකිරීමට නියමිතයි.

එබැවින් ඔබේ පළවී අවසන් කෙටිකතා @kathalokayaends_bot වෙතට ඉක්මනින් එවන්න.

ඒවා එවිට @kathalokayaketikatha නාලිකාවේද පළවේ.


-විශේශයි - එහි subscribers 3000 වූ විගස අප කෙටිකතා සියල්ල එහි පළකරනු ඇත.එබැවින් මෙය දකින ඔබද දැන්ම කෙටිකතා කියවීමට කැමති නම් @kathalokayaketikatha වෙතට එකතු වන්න.


link - t.me/kathalokayaketikatha

@kathalokaya
287 views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 14:30
باز کردن / نظر دهید
2022-06-17 19:22:53
අපි අපේ වෙමු දවසක
එදාට අහසත් ගමු දෝතට
විරහව දමා මල්ලක
වීසි කරමු අනන්තෙන්
ටිකක් එහට

කදුළට ඉන්න කියමු පැත්තක
ඌමනාම උනොත් ගන්න හැකි එතකොට
බැරි වෙලාවත් දැනුනොත් දුකක් හෙම
චුට්ටක් උලා ගමු අරන් කොපුල්වල

කෝම අමතක කරන්නද කවිපද
තනියට තනිමැකුව මතක පොත
පෙට්ටියක දමා ඒ ටික
පරිස්සම් කරමු ඕනෑ වෙයි
තවත් දවසක.....

මගෑරෙන්න දෙන්න බෑ හදවත
කෝකටත් ඒකත් තියමු
ඔතාරන් සළුවකින් පැත්තක
තව වරක් බිදුනොත් බිම වැටී ආයෙම
මැණික ,,,,
ඒ තරම් හොදයිනේ අපේ ඉරණම.....

සනූ වික්‍රමසිංහ ....
@kathalokaya
545 viewsKavi wijesundara, edited  16:22
باز کردن / نظر دهید
2022-06-17 18:03:30
පාළු රෑ මැද පිපුණු කුසුමක් මඟ බලා හූල්ලනු පෙනේ
කාත්කවුරුත් නොදකිනා මල තනිව ඇත
යාමයේ
දැකුම පහසුයි ස්වේත පැහැයෙන් සැරසී ඈ මැදියමේ
හඬා වැටෙනුයෙ යලිත් ඉල්ලා දමා ගිය ඇගෙ ආදරේ ................

Dulmini

@kathalokaya
494 viewsKavi wijesundara, edited  15:03
باز کردن / نظر دهید
2022-06-17 18:03:05
දුරින් හිද මා බලා ඉන්නම්..
නුඹේ මතකෙන් මැකී යන්නම්..
හීන හොයලා මාව හැරදා..
ඈත ගිය පාර බලා ඉන්නම් ...


අයිති නැති හීන හරි ලස්සනයි..
දුර ගියපු ඔයත් හරියට ඒ වගේ..
මට අයිති නැති වුණත් ඔයා මගේ..
මගෙ හදවත හැමදාම කීවෙ එහෙම ..


නුඹ ළඟින් ඉදන් විනාඩියෙන් විනාඩියට හොයලා බලන්න බැරි වුණත්..
නුඹව දකින ඕනම මොහොතක දුරින් ඉදන් හරි නුඹ ගැන හොයන්නෙ හරි ආදරෙන් ...


එහෙම මගෙන් ඈතට යන්නටත් සාධාරණ හේතු තියෙන්න ඇති ඔයා ගාවත් ..
ඉතින් මට ඕනනැහැ හේතු අහලා ඔය ඇස් වල වගේම මේ ඇස් වලත් කඳුළු පුරවන්න ...


ඉතින් නුඹට දුරින් ඉදන් ..
නුඹේ හීන දිහා බලන් ..
නුඹට හොරෙන් ..
නුඹට ආදරේ කරන්න පුළුවන් මටත් ...




★ $. ᴶ°


@kathalokaya
448 viewsKavi wijesundara, edited  15:03
باز کردن / نظر دهید
2022-06-17 16:56:59
@kathalokaya
415 viewsKavi wijesundara, edited  13:56
باز کردن / نظر دهید
2022-06-17 08:05:17
අතීතයට හිමි දිනයක
මට ඔබ කී එක කතාවක
ඔබට හිනාවත් මට කඳුලත්
උරුම විය සදාකාලික ....

පීදී වැඩුණු මේ තනි පෙම
අතරමං විය ඒ වදන් මත
හතිලමි දෙඅත දෙදණට බැඳ
වැලි කතරක දුටු එය මිරිඟුවක් විය....

අවාසනාවට නැත වාසනාවක්
අහිමි වී ගිය එක හිමිකමක්
විඳින හද විඳවන හේතුවක්
නොවෙනස්වන තනි ප්‍රේමයක්....

Ishara

@kathalokaya
447 viewsKavi wijesundara, edited  05:05
باز کردن / نظر دهید
2022-06-16 16:42:20
තැළුම් සුව වෙන්න
ටික කාලයක් යාවී
කලින් වාගෙම ඉන්න
ඒත් බැරි වේවී
මෙහෙම නොකර ඔයා
යන්නම ගියානම්
වෙනතක පාවී
ගියා කියලා හිත හදාගන්නත්
සමහරක්විට පුලුවන් වේවී.....

පපුවට ලං වෙලා
ටිකක් රස්නෙට යාවී
තුරුල්ලෙම හිඳිද්දී
හුස්මකට පේවී
මට දීපූ හාදුවෙන් භාගයක්
වෙන කොහේටද
ඔහේ ඈදී
රිදෙනකොට බැලුනෙ
පැපුවෙ පැත්තක
ආදරේ උල් කිනිසී......

ආදරෙයි කිය කිය
පපුව මත්තෙම දැවටෙද්දී
කොනිත්තපු තැන් උඹම
ඉඹ ඉඹ තවද්දී
"සමාවෙන්න.යන්නෑ ආය.
වැරදෙනවා කාටත් තැනක"
උඹ ඒම කියද්දී
කියන්නම ඕන
ඒ දවස්වලත් මං
සමාවට කාරණ
ඇහින්දා
තැන තැන වැටිච්චී.....


සනූ වික්‍රමසිංහ ....

@kathalokaya
438 viewsKavi wijesundara, edited  13:42
باز کردن / نظر دهید
2022-06-16 16:41:42
මොන බාධක  ආවත් තමාගේ ආදරේ රැකගන්න කැපවුණු කෙනෙක් තමා ජග්ගී  කියන්නේ .රටවල් ගානක් පහු කරන් ජග්ගි ආවේ කාර්තිකා හොයාගෙන . සැතපුම් විස්සක් පීනගෙන   ඔහු යන්න හැදුවෙ එයාගේ ආදරේ ඔප්පු කරන්න .ඒත් ඔහුගේ හීනය එක මොහොතකින් නැති වෙන්නෙ බලාපොරොත්තු නොවුන ලෙසින් .අන්තිම මොහොතේ දී ඔහු මෙලොවින් සමුගන්නේ ආදරේ කියන්නේ නිකන් ම නිකන් අකුරු හතරක් නොවන  බව පසක් කරමින් .ඔහු අන්තිම මොහොත වෙනකන් ඔහුගේ පොරොන්දුව ඉශ්ට කරා

අද මන් මේ ලෝකෙ නැතත් මම ඔයා වෙනුවෙන් කරපු ආදරේ හැමදාම මතක තියාගන්න කාර්තිකා (ජග්ගිගෙන් කාර්තිකාට)

මන් හැමදාම රෑට අහස බලනවා .ඒත් එදා වගේමයි අදත් අහසෙ හද පායලා නෑ.මේ  හිතේ  හැමදාමත් ඔයාගෙ ආදරේ ඉතිරි වෙලා තියෙනවා ජග්ගි . ( කාර්තිකාගෙන් ජග්ගිට)

Shiddat (ජිවිතය)

Sithara Rathnayake

@kathalokaya
423 viewsKavi wijesundara, edited  13:41
باز کردن / نظر دهید